ළමයින් ඇතුළත් කිරීමේදී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 ක් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඇතැයි ද ඒ අනුව රජය ගෙන ඇති මෙම තීන්දුව නීතිවිරෝධී වන බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ද ස්ටාලින් මහතා කීය.
2011 වසරේ දුන් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ
එම චක්‍රලේඛය පවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අවතක්සේරු කිරීමක් වුවත් ඊට අනුව 2016 දී ළමයින් 40 ක් 2017 දී ළමයින් 39 ක් 2018 දී ළමයින් 38 ක් 2019 දී ළමයින් 37 ක් 2020 දී ළමයින් 36 ක් හා 2021 දී ළමයින් 35 ක් වශයෙන් එම ඉලක්කය කරා යෑමට සැලසුමක් ක්‍රියාත්මක වී යැයි ස්ටාලින් මහතා කීවේය.
එසේ තිබියදී නව ආණ්ඩුව නැවතත් පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට පියවර ගැනීම නීතිවිරෝධී යැයි කී හෙතෙම එම තීන්දුව ආපස්සට හරවන්නේ නැත්නම් ලංකා ගුරු සංගමය අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නේ යැයි අවධාරණය කර කීය.
2021 වසරේදී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමේදී පාසල්වල සම්මුඛ පරීක්ෂණ පවත්වා දැනුම්දීම් දැනටමත් කර ඇත්තේ 36 දෙනාගේ ඉලක්කය සඳහා යැයි ද එනිසා අලුත් තීන්දුව මගින් සිදුවන්නේ අලුත් අර්බුදයක් නිර්මාණය
පංති කාමරයක සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිසංස්කරණමය පියවරක් යැයි ද ආණ්ඩුවේ නව තීන්දුව ක්‍රියාත්මක කළහොත් කුඩා පාසල් වැසී යාම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද ඒ මහතා කීය.
පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී හටගත් ප්‍රශ්න සම්බන්ධයෙන් මව්පියන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙස්සම් එකට විභාගයට ගෙන අධිකරණ තීන්දුව ලබාදුන්නේ යැයි ද ළමයින් ඇතුළත් කිරීමේදී ජාතික ප්‍රතිපත්තියක් සැකැසීම එයින් අපේක්ෂා කළේ යැයි ද ස්ටාලින් මහතා කීවේය.
එහෙත් ළමයින් සංඛ්‍යාව 40 දක්වා ඉහළ නැන්වීම ප්‍රගතිශීලී අධිකරණ තීන්දුවක් ආපස්සට හැරවීමක් යැයි ද එය ක්‍රියාත්මක කිරීමට ලංකා ගුරු සංගමය කිසි ලෙසකින් ඉඩ නොතබන්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(බිඟුන් මේනක ගමගේ)