චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 550 දෙනකු ගතවූ සිවු දින තුළදී මෙරටට පැමිණ ඇතැයි විදේශ ඝබඳතා අමාත්‍යාංශය පවසයි. මෙසේ දිවයිනට පැමිණියේ චීනයේ බිජිං අගනුවර සහ එහි සෙසු නගරවල ඉගෙනුම
ලබමින් සිටි සිසුන් යැයි ද එම  අමාත්‍යංශය සඳහන් කරයි. කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වූ චිනයේ වූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් 33 දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එන බලධාරීන්ගෙන් තවමත් අවසර ලැබී නැතැයි ද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය.


මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට අවසරය ඉල්ලා ඉකුත් 26 වැනිදා අයැදුම්පතක් චීන රජයේ බලධාරීන්ට ඉදිරිපත් කර ඇති අතර, එම අවසරය ලැබුණු වහාම ඔවුන් මෙරට  ගෙන්වා ගන්නා බව ඇය සඳහන් කළාය. එතෙක් එම පිරිස සිය උසස් අධ්‍යාපන කටයුතුල නිරත නේවාසිකාගාරවල රැඳී සිටින අතර ඔවුන්ගේ දෛනික කටයුතු බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සොයා බලමින් සිටින්නේ යැයි ද පිදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

චීනයේ සිටින සෙසු ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපයු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

-තිළිණි ද සිල්වා-