විශාලත්වයෙන් ලොව
පස් වෙනි ස්ථානයේ පසුවන සුඛෝපභෝගී මගී නෞකාවට කොරෝනා වෛරසය ඇතුල්වී ඇති බවට සැක පළවී තිබෙනවා.

මේ හේතුවෙන් එහි සිටින මගින් 7000ක් දැඩි අවධානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.


ඉතාලී සමාගමකට අයත් මෙම සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින චීන ජාතික යුවලක් කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැක මතුවී තිබෙනවා.

දැඩි උණ රෝගයෙන් පෙලෙන මෙම චීන ජාතික යුවල හොංකොං සිට පැමිණ ඇති අතර ඔවුන් නෞකාවේ සංචාරය සඳහා එක්ව ඇත්තේ ඉකුත් ජනවාරි මස 25 වෙනිදා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Costa Smeralda නම් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මේ වන විට රෝමයේ Civitavecchia ආසන්න වෙරළ තිරයේ නැංගුරම්ලා ඇති බව සඳහන්.

දැඩි ලෙස උණ රෝගයෙන් පෙළෙන මෙම චීන ජාතික යුවල ගේ රුධිර පරික්ෂණයක් රෝමයේ Spallanzani රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩයමක් විසින් නෞකාවෙදීම සිදුකර තිබෙනවා.

මේවන විට ඔවුන් නෞකාවේම පිහිටි වෛද්‍ය ඒකකයේ ආරක්ෂා සහිතව රඳවා ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම චීන ජාතික යුවලගේ රෝග ලක්ෂණ කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණයන්ට බෙහෙවින් සමාන කමක් දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඇතිවී තිබෙන තත්ත්වයත් සමග නෞකාවේ සිටින සියලුම සංචාරකයින්ට සහ කාර්ය මණ්ඩලයට ඉන් පිටතට නොයන ලෙස රෝම බලධාරීන් නියෝග කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.