ශ්‍රී ලංකා ක්‍රිකටි ආයතනය විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ නමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් (Stand) නම් කිරීමට කළ ඉල්ලීමට
ප්‍රතිචාර දක්වමින් රණතුංග මහතා  පවසා සිටියේ එය 1996 ලෝක ශූර කණ්ඩායම් නමින් නම් කරන ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර අදාළ නම් කිරීම සදහා කැමැත්ත ලබාදෙන ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එහෙත් ඒ මහතා ඊට නිසි පිළිතුරක් ලබා නොදුන් බව වැඩිදුරටත් පවසා සිටීයේය.

"ක්‍රිකට් ආයතනය මගේ නමින් ප්‍රේක්ෂකාගාරයක් නම් කරන්න ඉල්ලීමක් කළා. එහෙත් මම ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ නැහැ. ඒ වගේම කිව යුතුයි ක්‍රිකට් ආයතනය මගේ නමින් ප්‍රේක්ෂකාගාර නම් කිරීමක් අවශ්‍ය නැහැ. අනික මම තනියම 1996 ලෝක කුසලානය දිනාගත්තේ නැහැ. එහෙනම් ඒ කණ්ඩායමේ ක්‍රීඩකයින්ටත් ඒ ගෞරවය හිමිවිය යුතුයි. ක්‍රිකට් ආයතනයට මෙය කරන්නම අවශ්‍ය නම් එය 1996 ලෝක ශුරය නමින් නම් කරන්න. ඒතකොට ඒ ගෞරවය සියල්ලටම ලැබේවි” යැයි අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.


-පැතුම් ශ්‍රී විජේරත්න-