රටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් තමන්ට පාඩු නොවන අයුරින් තක්සේරුවක් කර  රජයට පවරා ගත්තට තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත්  රටේ ආර්ථික කඩා වැටුණේ මං නිසා නොව  පොළොන්නරුවේ  දේශපාලනඥයන් නිසා  බවත්  අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඩඩ්ලි සිරිසේන ප්‍රජා සත්කාරක පදනම විසින් ඊයේ (1)  සංවිධානය කල අඩු ආදායම්ලාභි  පවුල්වල දරුවන්ට ලබා දෙන පාසල් පොත් සහ උපකරණ බෙදාදිමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒහිදි වැඩිදුරටත්අදහස් දැක්වු ඩඩ්ලි
සිරිසේන මහතා,

“  අද සමාජයේ මහ ලොකු ව්‍යසනයක් ලෙස කතා කරනවා සහල් මිල  සම්බන්ධව.  වි‍ශේෂයෙන්  අරලිය සහල් සම්බන්ධව.  මම අද අභියෝගයක් කරනවා  කටමැද දොඩවන්නේ නැතුව  මේ ස්ථානයට ඇවිත් බලලා මේ මෝල ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.

මට මේවා තිබ්බත් එකයි නැතැත් එකයි.  මේවා මැරෙනකොට මේවා බදාගෙන ගෙනි යන මිනිහෙක් නෙවෙයි.  මේ රටේ ආර්ථිකය විනාශ කරපු එකට මම ද වගකියන්න ඕනි. රටේ සහල් හිඟයක් ඇති වෙලා තියෙන එක ඇත්ත. මේක හිඟයක් නොවේ.  මේක රජයේ ක්‍රියා කලාපයත් එක්ක ඇතිවු  දෙයක්. අද රටම මහ ලොකුවට කතා කරන පොළොන්නරුවේ ඉන්න දේශපාලනඥයන්නුත් කතා කරන මේ සයිලෝ ව්‍යපෘතියේ  ඔය සයිලෝ විස්සම පුරවලා තියෙන්නේ  වි  වලින් තමයි. එතකොට රටේ කොහොමද හාල් හිඟයක් තියෙන්නේ. ඒ විස්සෙන් 16ක් පුරවලා තියෙන්නේ කිරි සම්බා. සම්බා සහ නාඩු  තිබෙන්නේ එකයි දෙකයි. මේක ඉතින් මගේ වරදක් ද . ජනාධිපති ගෙනියන මේ වැඩපිළිවලට ශක්තියක් වෙන්න මං කැමැතියි. නුමුත් එක පිළිගන්නේ නැත්නම් මේ  මෝලට සාධාරණ තක්සේරුවක් කරලා රජයට  පවරා ගන්නා ලෙස  ඩඩ්ලි  සිරිසේන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.