බුදුරජාණන් වහන්සේ දර්ශනයේ හරය සියලු දේ නැසෙනසුලු බවයි. බුද්ධ පුත්‍රයකුට වුවත් ජීවිතයේ අනිත්‍ය බව එස්ම උරුම වූවකි. ඒ බව පසක් කරමින් අනපේක්ෂිත ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ගෙවී ගිය සතියේ අපවත් වූයේ
රටම කම්පාවට පත් කරමිනි.
එසේ අපවත් වූයේ විසි දෙහැවිරිදි වියේ පසුවූ බුත්තල, උණවටුනේ සීලරතන හිමිපාණන්ය. උන්වහන්සේ ඇතුළු හිම්වරුන් හත් නමක් දහවල් දානමය පින්කමකට වඩිමින් සිටියදී එම ඛේදවාචකය වී තිබුණේ පසුගිය 19 වැනිදා දහවල් එකොළහට පමණය.
උනාවටුනේ සීලරතන හිමිපාණෝ හුංගම හාතාගල පුරාණ රජමහා විහාරයේ වැඩ විසූහ. හාතාගල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී සුමංගල විද්‍යායතනයේ අධ්‍යාපනය ලැබු සීලරතන හිමියන් විශ්වවිද්‍යාලයට තේරී පත් වී ගත වූයේ වසරක් වැනි කෙටි කාලයකි.
ආගම දහමට මෙන්ම රටදැය වෙනුවෙන් ඉමහත් සේවයක් කිරීමට බලාපොරොත්තුවෙන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍ය හිමිනමක ලෙස ඉගෙන ගනිමින් සිටි සීලරතන හිමියෝ පසුගිය 19 වැනිදා පෙරවරු දහයයි තිහට පමණ විශ්වවිද්‍යාලයට යෑමට පිටත් වූහ. ඒ විශ්වවිද්‍යාලයෙන් නිවාඩු ලැබ දින දහයක පමණ කාලයක් විහාරස්ථානයේ ගත කිරීමෙන් අනතුරුවයි. විශ්වවිද්‍යාලයට යෑමට පිටත් වූ සීලරතන හිමියෝ හාතාගල පුරාණ රජමහා විහාරාධිපති පලේම ජිනරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේන්ගේ පාද නමස්කාර කළහ. නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිලරතන හිමියන්ට ඒ මොහොතේ පවසා සිටියේ,
"පොඩිනම අද දවල් දානෙට එක නමකගේ අඩුපාඩුවක් තියෙනවා... මොකද කරන්නෙ .."
“එහෙනම් නායක හාමුදුරුවනේ.. මම දානේ වළඳලාම විශ්වවිද්‍යාලයට යන්නම්..." යැයි සීලරතන හිමියෝ නායක හිමියන්ට පවසන්නට වූහ.
ඒ අනුව හාතාගල පුරාණ විහාරයේ නායක ස්වාමින්ද්‍රයන් සහ උණවටුනේ සීලරතන පොඩි හාමුදුරුවන් ඇතුළු සංඝයා වහන්සේ හත් නමක් එදින දහවල් විහා" රස්ථානයේ දායකයෙකුගේ දානමය පින්කමකට වැඩීමට පිටත් වී තිබුණේ වෑන්
රථයකිනි. ඒ හුංගම දණිය මාර්ගයේයි. විහාරස්ථානයෙන් පිටත්වූ වෑන් රථයට ගමන් කිරීමට ලැබී ඇත්තෙ විනාඩි පහක් වැනි කාලයකි.
හුංගම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරන සාජන්වරයකු සහ කොස්තාපල්වරයකු පොලිස් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියේ දෛනික රාජකාරි සඳහායි. එසේ ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඇස ගැටුණේ නුහුරු හැසිරීමක් පාමින් කූටර් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගල
යෙකි. එම යතුරුපැදියේ ගමන් කරමින් සිටි තැනැත්තා හෙල්මටයක්ද පැලඳ නොසිටි බවකි. පොලිස් නිලධාරින් දෙදෙනා යතුරුපැදිකරුට අණ කර තිබුණේ නතර කරන ලෙසයි. එහෙත් යතුරුපැදිකරු එම අණ නොතකා පලා යන්නට විය.
වේලාව හරියටම එදින දහවල් එකොළහට ආසන්න වෙමින් තිබිණි. අණ නොතකා පලා යමින් සිටි යතුරුපැදිකරු පසුපස පොලිස් නිලධාරීහු හඹා යන්නට වූහ. ඒ අතර එම මාර්ගයේ දානමය පින්කමට වඩිමින් සිටි සංඝයා වහන්සේ රැගත් වෑන් රථයක ගමන් කරමින් තිබිණි.
වෑන් රථය පරයා විදුලි වේගයෙන් ඇදී ගියේ අණ නොතකා පලා යන යතුරුපෑදියයි. ඒත් එක්කම ක්ෂණයෙන් වෑන් රථය පසු කළේ පොලිස් යතුරුපැදියයි. ගත වූයේ තත්පර ගණනකි. එසේ වේගයෙන් පලා ගිය ස්කූට් යතුරුපැදිය හුගක් දෙණිය මාර්ගයේ මොලටියාය මංසන්ධියේදි එක්වරම දකුණට හැරවීමට තැත් කිරීමේදී පෙරැළී ගියේය.
ඒත් එක්කම ඇද වැටුණු යතුරුපැදිකරු පොලිසියට බියෙන් දිව යෑමට තැත් කර ඇත. පසුපසින් පැමීණි පොලිස් නිලධාරීහු පලා යෑමට තැත් කළ පුද්ගලයා ඒ මොහොතේදිම අල්ලාගත්ත. පසුව කිදෙනා අතර පොර බැඳීමක්ද සිදු විණි.
ඒ මොහොතේ එම ස්ථානය පසු කර ගියේ සංඝයා වහන්සේ පැමිණි වෑන් රථ - යයි. පොලිස් නිලධාරින් සහ සැකකටයුතු පුද්ගලයා අතර සිදු වන පොර බැදීම
නිසා වෑන් රථයද එම ස්ථානයේදි මඳක් වේගය අඩාළ කරමින් ධාවනය කෙරිණි. වෑන් රථයට ගමන් කිරීමට හැකි වූයේ මීටර් කීපයක් පමණි. රියැදුරු අසුනට පසුපස අසුනේ සිටි සීලරතන හිමිනම හිස පහත් කර ඇලවී ගියේ ළහ සිටි හිමිනම දෙසටයි. පිටුපස හැරී බැලූ ඉදිරි අසුනේ සිටි ජිනරතන නායක හිමියන් දුටුවේ ඛේදනීය දසුනකි.
එසැණින් රථය නතර කෙරිණි. සියලු දෙනා එක්ව පරීක්ෂා කිරීමේදී දුටුවේ වෑන් රථයේ ලේ ගංගාවකි. ඒ, සීලරතන හිමියන්ගේ දකුණු ඇළපත දෙසින් පසාරු කරගෙන ගොස් තිබූ වෙඩි උණ්ඩය නිසාය.
උන්වහන්සේ වෙඩි වැදී තිබුණේ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ සැකකටයුතු පුද්ගලයා හා පොර බැදිමේදී එක් පොලිස් නිලධාරියෙකුගේ ඉණේ තිබූ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙනි. එම ස්ථානයේදී වෑන් රථයේ සිටි සීලරතන හිමියන් හිස මඳක් ජනෙල් කවුළුවෙන් එළියට යොමා ඇත.
වෙඩි පහරට ලක්වූ උනාවටුනේ සිලරතන හිමියෝ රථයේ රියැදුරු, පොලිස් නිලධාරින් දෙදෙනා සහ ගම්වාසීන් එක්ව අඟුණකොළපැලැස්ස ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කරන විටත් අපවත් වී සිටියහ.
පොලිස් නිලධාරීන් දෙදෙනා හඹා ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ මන්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බව පොලිසිය පවසයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. වෙඩි ප්‍රහාරය එල්ල වූ ගිනිඅවිය ළඟ තබාගෙන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරමින් සිටි. ඒ තංගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ පුණ අධික්ෂණයෙන් තංගල්ල සහකාර පොලිස් අධිකාරි II රත්නවීර එල්. අඩස්සුරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
හිමිනමගේ අපවත් වීම පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳ ජාතික පොලිස් කොමිසමද වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගෙන් වාර්තාවක් කැඳවා තිබිණි.
එසේස්ම වෙඩි ප්‍රහාරය එල්ල වූ ගිනිඅවියද රජයේ රස පරීක්ෂකට යොමු කොට වැඩිදුර කරුණු වාර්තා කරන ලෙස අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. වෑන් රථයේ රියැදුරු මාධ්‍යයට පවසා සිටියේ පොලිස් නිලධාරින් දෙදෙනා වෙඩි ප්‍රහාර එල්ල කරමින් පැමිණි බවකි. එහෙත් එය තවමත් නිශ්චිත ලෙස අනාවරණය නොවේ. ඒ මොහොතේ රථයේ ගමන් කළ හාතාගල විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පැවැසුවේ මෙසේය.
"වෑන් එකේ අපි දානෙකට වඩිමින් හිටියේ. කුටි වර්ගයේ බයික් එකක් අපේ වෑන් එක ඉස්සර කරගෙන වේගයෙන් ගියා. ඒත් එක්කම පොලිස් බයික් එකත් අපේ වෑන් එක ඉස්සර කරගෙන ගියා. ටික දුරක් ගියාම දැක්කා ස්කූටි බයික් එක වැටිලා තිබුණා. එතැන මොකක්හරි සිද්ධියක් වෙලා... අපේ වෑන් එක එතැන පහු කර
ගෙන ගියා... මීටර දෙක තුනක් ගිහින් පිටිපස්ස හැරිලා බලනකොට තමයි පොඩිනම තවත් නමකගේ දෙසට ඇලවන ආකාරය දැක... එතකොට තමයි වෑන් එක ඇතුළේ ලේ ගංගාවක් දැක..." උන්වහන්සේ පවසන්නේ ඒ මොහොතේ ඇසින් දුටු සිදුවීමයි.
| බුත්තල, උනාවටුන ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු සීලරතන හිමියෝ පහ ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියදී පැවිදි දිවියට ඇතුළත් වී ඇත. අහිංසක ගැමියන් දෙදෙ
නෙකු වන එම්. ඩී. ප්‍රේමරත්න සහ ජී. එච්. මාලනී උන්වහන්සේගේ මවුපියෝය. පවුලේ වැඩිමහල් සහ එකම පුත්‍ර රත්නය සීලරතන හිමියෝය. උන්වහන්සේන්ගේ එකම නැගණිය එම්. ඩී. සුභාෂිණි මේ වන විට අට ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නීය. හාතාගල පුරාණ රජමහා විහාරයේ පසුගිය 22 වැනිදා උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය තෙක් තැන්පත් කර තිබූ දේහය ඉදිරිපිට හඬා වැටුණු ගිහි පැවිදි පිරිස දහස් ගණනකි. ඒ අතර සීලරතන පොඩි හාමුදුරුවන්ගේ මෑණියන්ගේ දුක් අදෝනාව දුටුවන්ගේ නෙතඟට කඳුළක් එක් කළේ නිරායාසයෙනි.
“මට හිටිය එකම පුතා මට අද නැතිවෙලා. මං ආයිත් දුවත් එක්ක පන්සලට එන්නේ මාව බලන්නද... මං දැන් වඳිනෙ කාටද.. අනේ මගේ සුදු පුතා නැහි
පසුගිය දින කීපයේ සුංගම හාතාගල අවට ප්‍රදේශවාසීහු කහ කොඩියෙන් මුළු ප්‍රදේශයම සරසා දුක ශෝකය පළ කරමින් හාතාගල පුරාණ විහාරයට පැමිණියේ සීලරතන පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දැක්වීමටයි. එසේ දහස් ගණනක ජනකායක් එක්රොක් වූයේ උන්වහන්සේගේ තිබූ නිහතමානී ගතිගුණ මෙන්ම ශාසනයට කෙටි කලක් තුළ කළ මහත් මෙහෙවර නිසාය.
සටහන - අමිල මලවිසූරිය
ඡායාරූප - සනත් ගමගේ