කොරෝනා වෛරසය වැළඳී සිටින චීන කාන්තාව ලැගුම්ගෙන සිටි සීගිරියේ සහ මිගමුවේ හෝටල් දෙකක සේවකයින් දෙදෙනකුට උණ,  සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඒ රෝඟින් දෙදෙනා පිළිබඳ
සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබේ. චීන කාන්තාව නැවතී සිටි සිගිරියේ සංචාරක හෝටලයක කාමර පිරිසිදු කරන්නකු (රූම් බෝයි) ලෙස සේවය කරන තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ හෝටලයක ඇඳ ඇතිරිලි පිරිසිදු  කරනකු ලෙස සේවය කරන තරුණයෙක් මෙලෙස රෝගී වී සිටිති.

සිඟීරියේ සංචාරක හෝටලයක සේවය කරන පොලොන්නරුවේ පදිංචිකරුවකු වන තරුණයාට
28 වැනිදා සෙම්ප්‍රතිශ්‍යව උණ වැළඳීම නිසා ඔහු එදින පොලොන්නරුවේ ජයන්තිපුර රෝහලට ඇතුළු කර තිබේ. පසුව ඔහු පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති අතර විශේෂ පරික්ෂාවකට ලක් කර තිබේ. ඔහු මේ වන විට නිවසට පිටත්කර යවා ඇති අතර තවදුරටත් රෝග ලක්ෂණ මතුවේදැයි නිරීක්ෂණය කරමින් තිබෙන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩි.එස්.ඒ. ජයසිංහ මහතා පැවසීය.

මේ අතර මිගමුව සංචාරක හෝටලයක සේවය කරන නාත්තන්ඩිය අක්කර අසූව ප්‍රදේශයේ පදිංචි තරුණයකු මේ වනවිට ආංගොඩ අයි.ඩි.එච්. උණ රෝහලට යවා ඇත. එම තරුණයා මිගමුව හෝටලයේ ඇඳ ඇතිරිලි ආදිය පිරිසිදු කිරීමේ අශයේ සේවය කරන්නෙකි.

-ඩබ්ලිව්.ඒ.පියතිලක-