ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්ව ඇතැයි වාර්ත්වතා වෙයි.

රෝහලේ ඇඳන්වල
පමණක් නොව ජනෙල් රෙදිවල ද මකුණන් විශාල වශයෙන් සිටිනු දැකිය හැකියි.
රාත්‍රී කාලයේදී මෙම මකුණන් බිත්ති පුරා දිවයන අයුරුද, ඇඳන් වල මෙට්ට කවර තුළ මකුණන් පොකුරු වශයෙන් සිටිම හේතුවෙන් තමන්ට රාත්‍රිය නිදි වර්ජිතව ගත කිරීමට සිදුව ඇති බවද විශේෂයෙන් මේ තත්ත්වය 4 හා 14 වාට්ටුවල තිබෙන බවද නේවාසික රෝගීන් පවසා තිබේ.