පසුගිය යහපාලන රජය යටතේ ස්වාධීන රූපවාහිනි සංකේතය මාරුවීම හා ලක්හඩ ගුවන් විදුලිය  ITN FM ලෙස වෙනස්කමකට ලක්වීම නැවත
ආපස්සට හරවා පෙර
පැවති ස්වාධීන රූපවාහිනි සංකේතය හා ලක්හඩ නාමය නැවත ස්ථාපිත කිරීම අද ජනවාරි 1 සිට සිදුවේ.
ස්වාධීන රූපවාහිනී පුවත් අද සිට ප.ව 6.55 ට විකාශය කරන්නට නියමිත බවද වාර්තාවේ.
රජයට අයත් නාලිකාවක් ලෙස රජයට පක්ෂපාතී පුවත් පළකිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරත නාලිකාවක් ලෙස මෙම නාලිකාව ප්‍රකටය.
එහි පැරණි ලාංඡන නාමයන් නැවත ස්ථාපිතවීමට සමගාමීව පැරණි සේවකයින්ද පෙර තනතුරු වලට පත්වූ අතර ප්‍රවෘත්ති අංශ ප්‍රධානී ලෙස සුදර්මන් රදලියගොඩගේ පත්වීමද පසුගියදා සිදු විය.