ඔහු සමග රන්ජන් රාමනායක පවත්වන සාකච්ඡාවේ ජංගම දුරකථන වීඩියෝවක් සමාජ ජාලා වල ප්‍රකටවූ අතර එහිදී
අධිකරණ තීන්දු ගැන සාකච්ඡාවූ බව කියැවේ.
විනිසුරුවන්ට අදාළ අධිකරණ නීති පද්ධතිය තුළ මේ ආකාරයට නඩු ගැන සාකච්ඡා පැවැත්වීම තහනම්ය.
මෙම සාකච්ඡාව බොහෝ දුරට විනිසුරුගේ නිවසට රන්ජන් ගොස් සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙන අතර පටිගතකිරීම රහසිගතව සිදු කර ඇති බවක්ද නිරීක්ෂණය විය.
අදාළ හඩපට ඇතිබව දැනට හෙළිව ඇති අනෙක් දෙදෙනා වන්නේ මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් පිලපිටිය, පද්මිණි රණවක, යන අයයි.
මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත යොමුකර ඇති බවද වාර්තාවී ඇත.
ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පුරප්පාඩු වු බද්දේගම මහේස්ත්‍රාත් ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පත් කර තිබේ.
ආන්දෝලනය මතු කළ වීඩියෝව පහතින්