විස්සයි20 යනු පිතිකරුවන්ගේ තරග රටාවක් වුණත්, පිතිකරුවන්ට වගේම පන්දු යවන්නන්ටද තරගයක් වෙනස් කළ හැකි බවත්, ලෝක කුසලානයට ඉතිරිව තිබෙන කාලය ඇතුළත පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණික බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
විස්සයි20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම
ඊයේ (02දා) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගිය අතර,  ඊට ප‍ෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී මාලිංග මෙම අදහස් පළ කර සිටියේය
.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා  සිටියේ, ඉදිරි කාලය සෑහෙන ඉවසීමකින් ක්‍රීඩා කළ යුතු බවයි.තවදුරටත් අදහස් දැක්වූ  මාලිංග,"නායකයෙක් හැටියට තරගාවලි ජයග්‍රහණය කිරීම ගැන ඒ තරම් සැලකිලිමත් වන්නේ නෑ. මගේ ක්‍රීඩා කාලය තව මාස අටක් වෙන්නත් පුළුවන්, මේ තරගාවලිය වෙන්නත් පුළුවන්.  හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට යන්න ඕන. ඒ වෙනුවෙන් ළාබාල ක්‍රීඩකයින් හෝ ඉන්න හොඳ ක්‍රීඩකයින් හඳුන්වා දීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ අතරතුර රිසාල්ට් එන්න පරක්කු වෙයි.  අංක එකට ඉදපු අපි, අංක නවයට වැටුණට පස්සේ නැවත එක පාරටම අංක එකට එන්න අමාරුයි. ඒක නිසා කාලයක් දෙන්න ඕන, ක්‍රීඩකයින් මේ තරග රටාව හඳුනා ගන්න ඕන, විස්සයි20 කණ්ඩායම් අතර අපිට අඩු පිළිගැනීමක් තියෙන්නේ. ඒ නිසා තව මාස හයක් විතර යනකොට අපිත් හොඳ තත්වයට ආවොත්, අපිටත් හොඳ පිළිගැනීමක් ලැබෙයි.  අපි ලෝක කුසලානයට ළංවනකොට, අපිත් අයිනෙක් කණ්ඩායම් හා සම සමව ඉන්න  ඕන. ඒක අපේ ක්‍රීඩකයන්ගේ  භීතියට ගොඩක් වැදගත්." මෙහිදී ලසිත් මාලිංග  පවසන්නේ විස්සයි20 යනු පිතිකරුවන්ගේ තරග රටාවක් වුණත්, පිතිකරුවන්ට වගේම පන්දු යවන්නෙද තරගයක් වෙනස් කළ හැකි බවයි. එම නිසා ලෝක කුසලාන තරගාවලිය සදහා ඉතිරිව තිබන කාලය ඇතුළත, පන්දු යැවීම් අංශය ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු අවධාරණය කර සිටියි.
"ලෝක කුසලානය වැදගත් තරගාවලියක්. අපිට අලුතින් පුහුණුකරුවන් ඇවිල්ලා ඉන්නවා. එයාලගේ දැත්මක් තියෙනවා. ඒ වගේම පුහුණුකරුවන්ගේ බලාපොරොත්තුවක්
තියනවා ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දෙන්න. ඒ නිසා ඉදිරි කාලය ඉවසීමෙන් ක්‍රීඩා කරන්න වෙනවා. අපට ගොඩක් ක්‍රීඩකයන් අත්හදා බලන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඉන්න ක්‍රීඩකයින්ට හැකිතාක් අවස්ථාව ලබා දෙන්න තමයි පුහුණුකරුවන් බලාපොරොත්තුව.  අපි යන්නේ විස්සයි20 තරග රටාවේ හොඳම ක්‍රීඩා කරන රටකට. නමුත් අපි දැක්කා බ.ඉ. කොදෙව්වත්, ඉන්දියාවත් එක්ක හොදින් ක්‍රීඩා කරනවා. ඒ කොහොම වුණත් තරගාවලිය ජයග්‍රහණය කරන්න නම් පන්දු යවන බළඇණියත් ඉතා හොදින් ක්‍රීඩා කළ යුතුයි. විස්සයි20 පිතිකරුවන්ගේ තරගයක් වුණත්, තරගය වෙනස් කරන්න පන්දු යවන්නන්ටත් පුළුවන්. මං හිතනවා ඒකට අපිට හොඳ පන්දු යවන්නන් ඉන්නවා. නමුත් අත්දැකීම්වලින් අඩුයි තවමත්.
අපේ පළමු ඉලක්කය තමයි  තරගාවලිය ජයග්‍රහණය කිරීම. ඒ සඳහා පන්දු යවන්නන් ගැන වැඩි විශ්වාසයක් තබාගෙන ඉන්නවා. මොකද ලෝක කුසලාන දිනපු අපී හැම අවස්ථාවේදීම පන්දු යවන්නන් විදියටත් ලොකු දෙයක් කරලා තියෙනවා,
විස්සයි20 තරග රටාව තුළ මං හිතන්නේ පන්දු  යවන්නාගේ දක්‍ෂතාව මත පමණයි ක්‍රිකට් ක්‍රීඩාවේ සියයට90ක්ම දිනලා තියෙන්නේ,  ඒක නිසා මමත් උත්සාහ කරන්නේ යෝකර්ස්, ලෝ  බෝල්, වයිඩ් යෝකස් වගේ අවශ්‍ය වෙලාවේදී දාන්න පුළුවන් පන්දු යවන්නන් හදා ගන්න. එහෙම හදාගන්න  නම් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න ඕන. ඒක නිසා 2014 ලෝක කුසලානයේදී වගේ  මේ වෙලාවෙ මං වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ පන්දු යවන්නන් හතර දෙනෙක් හදාගන්න, මට හිතනවා ඒක තව මාස තුනක්, හතරක් යද්දී කරගන්න පුළුවන් වෙයි කියලා. අද,
හෙට වෙනසක් නොවුණත් තව මාස හතරක් පහක් යනකොට විස්සයි20 රටාවට ගැළපෙන ලෙස පන්දු යවන්නන් හදාගන්න පුළුවන් වෙයි." මෙහිදී මාස කිහිපයකට පසු විස්සයි20 කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගත් ඇන්ජලෝ මැතිවිස් ගැන අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා සිටියේ, මැතිව්ස් කණ්ඩායමට එක්වූයේ කණ්ඩායම සමබර කරගැනීමටත් වඩා ඔහුගේ පරීණත අත්දැකීම් නිසා බවයි.
"කණ්ඩායමේ සමබරතාවට වඩා අපි ඇන්ජිගින් (ඇන්ජලෝ මැතිව්ස්) බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ අත්දැකීම්, මං හිතන්නේ ඒක කාටවත් එළියේ ඉඳන් ගන්න පුළුවන් දෙයක් නොව‍ෙයි. ඔහු වසර ගාණක් ක්‍රීඩා කරලා, ඒ වලින්ම තරග හසුරුවපු විදිය, කොහොමද තරගයක් අන්තිම දක්වා ඇදගෙන යන්නේ
යනාදිය ඉතා වැදගත්. ඒක තමන්ට කරන්න බැරි වුණත්, ළාබාල ක්‍රීඩකයින්ට මේ දේවල් කරන්නේ කොහොමද, හිතන්න ඕන මොනවද කියන එක ඔහුගෙන් ලබාගන්න පුළුවන්.  අපි දන්නවා ඇන්ජි
කොච්චර හොද ක්‍රීඩකයෙක්ද කියලා. පසුගිය කාලය තුළ ඔහු විටින් විට ආබාධවලට ලක් වුණා. දැන් ඔහු සම්පූර්ණ සුවය ලබලා ඉන්නේ. පන්දු යවන්නත් හැකියාව තියෙනවා, ඉතිං ඒක අපිට ගොඩක් හොද දෙයක්, මං හිතනවා ඇන්ජලෝන්ගේ අත්දැකීම් සහ දක්ෂතාව කියන දෙකම අපිට තරගාවලිය පුරාම ලබා ගන්න හැකි වුණොත් ඔහුගේ අංශයෙන් හොඳ දෙයක් කරගන්න පුළුන් වෙයි කියලා".
කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය කවුරුන් වනු ඇත්දැයි පිළිබඳ මාලිංගට ඇන්ජිත් හිමිවන් අදහසක්,
"ආරම්භක පිතිකරුවන් කියලා විශේෂයෙන් සූදානම් කරලා නැහැ. නමුත් හැමෝටම ආරම්භක පිතිකරුවන් වශයෙන් ක්‍රීඩා කරන්නේ පුළුවන්කම තිබුණත්, අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආරම්භක පිතිකරු යුගලය විදියට ධනුෂ්ක සහ අවිශ්ක ක්‍රීඩා කරවන්න. ඊට අමතරව අපීට අතිරේක පිතිකරුවෙක් ඉන්නවා නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරුවන් විදියට ගත්තොත් තුන්දෙනයි මේ තරගාවලියට සහභාගි වෙන්නේ. ඒක නිසා කවුද ඉනිම ආරමිභ කරන්නේ කියලා අපි දෙගිඩියාවක් ඇති කරගන්න ඕන නැහැ. අපි සැලැසුමක්  අනුව ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ස්ථාන ලබා දීලා තියෙනවා, ඔවුන්ට තියෙන්නේ තමන්ගේ දක්ෂතා අතරට එන්න, ඔවුන් දන්නවා ක්‍රීඩා කරන්නේ අංක එකද, දෙක, තුනද කියන එක “යැයි පැවසීය.