මාධ්‍ය සංදර්ශන පැවත්වීම කැරට්, බීට්, අල, ඇට, හාල්, පොල් පාර්ලිමේන්තුවට ගෙන ඒම පසෙක දමා වසරකට රුපියල් ලක්ෂ 300ක මහජන මුදල් කාදමමින් පාර්ලිමේන්තුවන් කෑම ගන්නා මන්ත්‍රි ඇමැතිවරුන්ගේ දිවා ආහාරය නිවසින් රැගෙන ඒමේ වැඩපිළිවෙළක් පාර්ලිමේත්තුවට ගෙන එමින් රටට ආදර්ශයක් ලබාදීමට විපක්ෂය කටයුතු කරන්නේ නම් මුළු රටටම එය ආදර්ශයක් බව මිහින්තලා රජමහා
විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවැසුහ.
මිහින්තලය රජමහ විහාරස්ථ දහම් පාසලේ 26 වැනිදා පැවැති අනුශාසනාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශකර සිටියහ. එහිදී වැඩිදුරටත් අනුශාසනාවක් කළ උන්වහන්සේ, මාව දැන් හුගක්
අයට වහකදුරු වගේ පේනවා ඇති. නමුත් රට නව හැරවුම් ලක්ෂණයක් හරහා නිවැරැදි මඟකට යනවා දකිනකොට කතා නොකර ඉන්න අමාරුයි. මම හැමදාම කතා කළේ ඇත්ත සහ යුක්තිය පිළිබඳව. දැන් ඇත්ත යුක්තිය හා සාධාරණව වැඩකරන ජනාධිපතිවරයකු ඉන්න නිසා තවත් කතා කරනවා. මම පසුගියදා දැක්කා විපක්ෂය පාර්ලිමේන්තුවේදී කැරට්, බීට්, බෝංචි, මෑකරල්, අරවා මේවා ඇට වර්ග, අල පෙන්න පෙන්න දැන් බඩු මිල වැඩියි මේ රජය අසාර්ථකයි කිය කිය කියනවා. මගේ දෑනීම හැටියට පාර්ලිමේන්තුව පවත්වන දිනයකදී මන්ත්‍රිවරු 225 දෙනාට ලබාදෙන දිවා ආහාරයට වසරකට රුපියල් ලක්ෂ 300ක් වැය වෙනවා. පානීය ජලය සඳහා ලක්ෂ 0000කට ආසන්නයි.
බුදුන්ට හා බුද්ධ පුත්‍රයන්ට තමයි දානයක් දෙනකොට අග්‍ර කොටසක් දෙන්නේ. නමුත් මෙතුමන්ලාට රුපියල් කෝටි දහතුනක් වියදම් කරලා මොනවද කන්න දෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. වරප්‍රසාද ගොන්නක් තියෙද්දී කෑම එකත් මහජන මුදලින් කන එක ගැන බත්කන මිනිස්සු හැටියට අපි ලැජ්ජා වෙන්න ඕනෑ.
-මහේෂ් විජේසුරිය