කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා වන අංක 658/87, මහවිල උද්‍යානය, බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි මොහොමඞ් ඊබ්‍රහිම්, මොහොමඞ් අහමඩ්, ඇතුලු සැකකරුවන් හය දෙනෙකි