https://www.gossiplankanews.com/2020/01/nikaweratiya-incident.html
නිකවැරටිය ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමෙන් පසු අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන්  ග්‍රාම නිලධාරිනියක්, දැරියගේ පියා සහ ගැබිණි සුළු මව 3 වනදා රාත්‍රියේදී කොටවෙහෙර පොලීසිය අත්අඩංගුවට
ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය කොටවෙහෙර  අලුත්ගම පදිංචි තැනැත්තියක් වූ අතර ඇගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියාද ඔහුගේ දියණියද මෙම නිවසේ පදිංචියට පැමිණ සිටියදී මෙලෙස පහර කෑමට ලක්ව ඇත.
මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රොහලට ඇතුලත් කර තිබේ.
 මීට පෙරද අවස්ථා ගණනාවකදී  පියා සහ සුලුමව මෙම දැරියට පහර දී ඇති බව අනාවරණය වී ඇත.

නිකවැරටිය - ගනේගොඩ - යාපලාන - අංක 40 ග්‍රාමසේවා වසමේ පදිංචි 13 හැවිරිදි දැරියකට මෙලෙස අමානුෂික ලෙස පහර දෙනු ලබන්නේ පියාගේ දෙවන විවාහයේ බිරිද වන ගැබිණි කාන්තාවක් වීම විශේෂත්වයකි.
ක්‍රිකට් පිත්තක්ද යොදා ගනිමින් දැරියගේ හිසකෙස්වලින් ඇද වරින් වර ඇය දැරියට අමානුෂික ලෙස පහර දෙනු ලබන අයුරු වීඩියෝ මගින් එළිදරව් විය.
ඇයගේ උපකාරයට තවත් කාන්තාවක් එහි පැමිණ දෑත් බැද දැරියට පහර දෙනු ලබයි.
 ඇය මෙම කාන්තාවගේ සහෝදරිය බවත් ඇය එම ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනිය බවත් හෙළිවූයේ පසුවයි.
දැරියගේ පියා ද මීට පෙර අවස්ථා කිහිපයකදී ඇයට පහර දී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි පොලීසිය සඳහන් කර තිබුණි.
 අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන්නට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබුණි.
සැකකාරියන්  දෙදෙනා සහ සැකකරු කවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු
කාන්තාවන් දෙදෙනා මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.‍
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ පියා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැර තිබේ.