වෙනත් රටවල එවැනි ක්‍රමවේද අනුගමනය කළද ශ්‍රී ලංකාවට එවැන්නක් අවශ්‍ය නැතැයිද සෞඛ්‍ය අමාතාශය එම සිසුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවද පළිහවඬන පබා පළිහවඩන මහත්මිය කීවාය. මේ පිළිබඳව කළ විමසුමකදී වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය මෙසේ ද පැවසුවාය.
ප්‍රශ්නය- චිනයේ සිට මේ දිනවල ලංකාවට පැමිණෙන සිසුන් කළින්ම නිවෙස්වලට යවන්නේ ඇයි?
පළිහවඩන මහත්මිය- අපි නිකම්ම ඒ සිසුන් යවන්නේ නැහැ. ගුවන්තොටුපළට ඇතුළුකර ගත් මොහොතේ සිට විශේෂ පරීක්ෂාවකට ලක්කරනවා. හැම සිසුවකුගෙම තොරතුරු ලබාගන්නවා. රෝග ලක්ෂණ තිබේදැයි බලනවා. ඒ කිසිවක් නැති සිසුන්ට නිවෙස්වලට යා හැකියි.
ප්‍රග්නය- කොරෝනා රෝග ලක්ෂණ මතුවන්නේ දින විස්සකට පමණ පසුව බවයි සෞඛ්‍ය නිලධාරින් කියන්නේ. එමෙන්ම සිසුන්ට නිවෙස්වලදි රෝග ලක්ෂණ මතුවුණොත්?
වෛද්‍යවරිය- ගුවන්තොටුපළේ දි පූර්ණ ලෙස දැනුවත් කරනවා. නිවෙස්වලට ගිය පසුව ඔවුන්ට නිවෙසේ සෙසු සාමාජිකයින්ගෙන් තරමක් ඈත් වී සිටින්න පුළුවන්. සුළු හෝ රෝග ලක්ෂණ මතුවුණොත් වහාම ඔවුන් රෝහල් ගත කරනවා.
ප්‍රශ්නය-එම සිසුන් නිවෙස්වල සිටීම පවුලේ අනෙක් සාමාජිකයින්ට බලපෑමක් නොවේද?
වෛද්‍යවරිය- එහෙම නැහැ. ජනතාව දැනුවත්. මේ දක්වා කිසිම ප්‍රශ්නයක් මතුවී නැහැ.
ප්‍රශ්නය-
වෛද්‍යවරිය- වෙනත් රටවල ඔවුන්ට ආවේණික ක්‍රමවේද අනුගමනය කරනවා. ශ්‍රී ලංකාව හැටියට අප අනුගමනය කරන්නේ අපේ ක්‍රමයයි. එය අසාර්ථක වි නැහැ.
ප්‍රශ්නය- දියතලාවට යවන්නේ මොන සිසුන්ද?
වෛද්‍යවරිය- චිනයේ වූහාන් නගරයේ තදබල ලෙස කොරෝනා වෛරසය පැතිර යනවා. එහි රැඳී සිටින සිසුන්ට වැඩිකාලයක් අවදානම් තත්වයක ඉන්න සිදුවීම නිසා රෝගය වැළදිමේ ප්‍රවණතාව ඉහළ යැයි අපි විශ්වාස කරනවා. ඒ නිසා එම සිසුන් ලංකාවට පැමිණි පසුව ඔවුන් දියතලාවට යවා විශේෂ ආරක්ෂාවක් යටතේ නිරීක්ෂණයට භාජනය කරනවා.
ප්‍රශ්නය- නිවෙස්වලට යැවූ සිසුන් ගැන තොරතුරු සොයා ගන්නේ කෙහොමද?
වෛද්‍යවරිය- මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිවෙස්වලට යවනවා. ඒ හරහා තොරතුරු ලබා වෛද්‍යවරු දැනුවත් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට දිනපතා තොරතුරු ලැබෙනවා. බය වෙන්න එපා.
-රංජන් කස්තුරි-