දැඩි අසරණභාවයට පත්ව සිටින ඔවුන් ඇතැම් දිනක කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව සිටින බවත්, තම වැඩිමහල් දියණිය අසනීප තත්වයකින් පෙළෙන බවත්, බිත්තිවල පස් ඇය ආහාරයට ගන්නා බවත් පවසයි.
මේ පිළිබඳව අප කළ විමසීමේ දී එම දියණියගේ මව වන
ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බිත්ති සූරගෙන කනවා. බඩගින්නට එහෙම කනවද අසනීපයක් නිසා එහෙම කනවද දන්නෑ. ගෙයි හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන් යැයි පවසමින් ඇය එම ස්ථාන අපට පෙන්වුවාය. මොවුන් 73/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටු මැටි සහිත සෙවිලි තහඩුවලින් සැදු කුඩා නිවසක පදිංචිව සිටින
අපිට ඉන්න හිටින්න හරි හමන් තැනක් නෑ. මට ඕනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථිර රස්සාවක් නෑ. දරුවො දෙන්නෙයි නෝනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලි වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නෑ. අපිට කන්න නැතත් කමක් නෑ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදා ගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවා වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදල දෙන්න කියලත් ඉල්ලනවා.
-සඳරු බණ්ඩාර-