නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු යටත් පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (1) සිට යළිත් පිහිටුවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පත්කර ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත් කළ ජාලිය සේනාරත්න මහතා ඊයේ (1) පෙරවරුවේ සිය ධුරයේ වැඩ බාරගත් බව ද පොලිස් මූලස්ථානය කියයි.

පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළේය.

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙක් වන සේතාරත්න මහතා නීතිඥයක් ද වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවත් ගුණසේකර මහතා මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රාකශකවරයා වශයෙන් කටයුතු කළ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉකුත් නොවැම්බර් 27 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය ද අහෝසි කර තිබුණි.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පත්වීමත් සමග පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් දෛනිකව සිදුවන සිදුවිම් ඇතුළත් වාර්තාවක් විද්‍යුත් තැපෑල හරහා මධ්‍ය වෙත නිකුත් කිරිම ඊයේ සිට යළිත් ආරම්භ කර ඇත.

ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය