දුම්රියේ සිගමන් යදිමින් සිටියදී අල්ලාගනු ලැබූ යාචක කාන්තාවක ළඟ රුපියල් දෙලක්ෂ දාහතරදහස් දෙසීය අනූවක (214290) පමණ මුදලක් තිබී දුම්රිය ආරක්ෂක හමුදාව විසින් ඊයේ (02) සොයා ගනු ලැබීය.  දුම්රියේ සිඟමන් යදින යාචකයන් අල්ලා ගැනීම සඳහා රාගම දුම්රිය ආරක්ෂක හමුදාව විසින් ඊයේ (02) රාගම දුම්රිය
ස්ථානයේද්දි දුම්රියක් පරීක්ෂාවට ලක් කරන ලද අවස්ථාවේදි මෙම යාචක කාන්තාව අල්ලා ගැනීමට හැකිවූ බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පැවැසීය.

දුම්රියේ සිඟමන් යදින යාචකයන් අල්ලා ගැනීම සඳහා රාගම දුම්රිය ආරක්ෂක හමුදාව විසින් ඊයේ (02) රාගම දුම්රිය ස්ථානයේදී දුම්රියක් පරික්ෂාවට ලක් කරන ලද අවස්ථාවේදී මෙම යාචක කාන්තාව අල්ලා ගැනීමට හැකි වූ බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවැසීය. මානසික ආබාධයක් තිබෙන බව පවසමින් වෛද්‍යවරයකු විසින් සහතික කරන ලද බෙහෙත් වට්ටෝරු පෙන්වා මෙම යාචක කාන්තාව සිගමනේ යෙදී සිටි බවද ඔහු කීවේය.

මෙම යාචක කාන්තාව ළග තිබූ කිලෝ 10 ක ප්‍රමාණයේ හිස් සහල් ඇසුරුමක සඟවා තිබී සොයාගත් මෙම මුදලට රුපියල් 5000 නෝට්ටු 35 ක් රුපියල් 1000 නෝට්ටු 38 ක් රුපියල් 50 නෝට්ටුවක් සහ රුපියල් 20 නෝට්ටු 62 ක් තිබූ බව අනුර ප්‍රේමරත්න මහතා කීය.

මාසයකට රුපියල් 3000 ක කුලියක් ගෙවා ඇය කැලණිය බුළුගහගොඩ ප්‍රදේශයේ නිවසක කාමරයක පදිංචිව සිට දුම්රියේ සිඟමනේ යෙදෙන බව පරීක්ෂණවලදී හෙළිවි ඇත. සිඟමනේ යෙදෙන මෙවැනි යාචකයන්ට මුදලින් ආධාර නොකරන ලෙසත් විශේෂයෙන් මගීන් අපහසුතාවට පත්වන ලෙසට දුම්රියේ සිඟමන් යෙදෙන යාචකයන් අල්ලා ගැනීමේ  වැඩ පිළිවෙළට සහාය දක්වන ලෙසත් දුම්රිය  ආරක්ෂක හමුදාව මගීන්ගෙන් ඉල්ලා සිටී.

දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි රාගම දුම්රිය ආරක්ෂක හමුදාවේ කාර්යභාර නිලධාරි එච්.ආර්.ඒ. කීරිතිසේන මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් හේරත් මහතා සහ කාත්තා ආරක්ෂක නිලධාරීන්වන දේදුණු  හා ශිලා යන මහත්මීන් මෙම කාන්තාව අල්ලාගෙන ඇත. වැඩිදුර පරික්ෂණ සඳහා කාන්තාව පොලිසියට බාරදී තිබේ.

-මහින්ද නිශ්ශංක-