වැඩ තහනමට ලක්වී සිටි පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා යළිත් සේවයේ පිහිටුවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

ඉකුත් දෙසැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරදි මම සේවයේ පිහිටුවිම සිදුව ඇති බවද පොලිසිය පවසයි.

වැලිකඩ බින්ධනාගාරයේ ඉකුත් 2012 වසරේ ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් නියෝමාල් රංගජීව මහතා ඉකුත් වසරේ මාර්තු මස 28 වන දින අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුව වැඩතහනමට කල්විය.

වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි නියෝල්මාල් රංගජීව මහතාට ඇප හිමිවීමෙන් පසු 2018.12.01 දින සිට
ඔහු යළිත් පොලිස් සේවයේ පිහිටුවා තිබු අතර පසුව එවකට ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිට පොලිස් ක්ෂේත්‍ බළකා මුලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබුණි.

වැලිකඩ ගැටුම සම්බන්ධයෙන් ඉකුත් වසරේ ජුලි මස 14 වැනි දින අධිකරණය මඟින් අධි චෝදනා බාර දීමෙන් පසුව 2018.01.11 දින සිට රංගජීව මහතා යළිත් වැඩතහනමට ලක්විය.

2019 දෙසැම්බර් මස 28 දින රංගජීව මහතා යළිත් සේවයේ පිහිටුවා ඇති අතර ඒ මහතා දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ පුස්කාලාධිපති වශයෙන් කටයුතු කරමින් සිටි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ දක්ෂ  නිලධාරියකු වූ නියෝමාල් රංගජීව මහතා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙහෙයුම් රැසක් සිදුකර මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍යය ඡාවාරම්කරුවකු වන වෙලේ සුදා ඇතු ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගත්තේය.

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් 2017.5.10 දිනරාත්‍රියේ වැටලීමකට ගොස් සිටියදී මාකඳුරේ මධුෂ්ගේ සැලසුමක් අනුව පිළියන්දල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් රංගජීව මහතා බරපතල තුවාල ලැබීය.

 ඉන්දිකා රාමනායක