ඊයේ (30) දින පැවති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තුලින් පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාටත් සන්ධානයේ නායකත්වය හා අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් පැවරීමට තීරණය කරන ලදී.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ
කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර තිබිණ.

ඒ අත්තනෝමතික ආකාරයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඉවත් කිරීමට ගෙන තිබු තීරණයට එරහිවය.

අජිත් පී පෙරේරා,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , ඉමිටියාස් බාකීර් මාකාර්, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කර තිබිණ.

නමුදු අනෙක් සාමජිකයන් මෙම අවස්ථාවට සහභාගී වුවද යම් පිරිසක් පැමිණ නොසිටිය බව මාධ්‍ය වාර්තා කර සිටියේය.