රන්ජන් රාමනායක මහතාට දුරකථනයෙන් කතා කර උසස්වීම් ලබා ගැනීම සඳහා උදව් උපකාර ඉල්ලා සිටි බව විශ්රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්රශ්න
කිරීම් හමුවේ
තමා එම දුරකථන ඇමතුම් වලට සම්බන්ධවූ බව පිළිගෙන තිබෙනවා.
රන්ජන් රාමනායක මහතා තමා දැන හඳුනා ගත්තේ මංගල උත්සවයකදී බවද එතැන් පටන් ඔහු සමග කිට්ටු මිත්රත්වයක් පවත්වාගෙන ගිය බවද රණවක මහත්මිය පිළිගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.