රාමනායක මහතාගේ කටහඩ ඇතුළත් හඩපටයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉකුත්දා බාරදෙනු ලැබූ නමුත්, ඒ හඩපටයේ හඩ අපැහැදිලි තත්වයේ පැවතීම නිසා එය එම කොට්ඨාසයට නැවතත් බාර දී තිබිණ.
හඩපටය නැවත මෙසේ බාර දී
තැටිගත කිරිමට මෙසේ දිගු කාලයක් ගත වන්නේ ඒ හඩපටවල දුරකතන සාංවාද දහස් ගණනක් ඇතුළත් වී තිබෙන හෙයිනැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
හඬපට තැටිගත කිරීම සඳහා අවශ්‍ය දෘඪ තැටී අවශ්‍ය ප්‍රමාණයට පොලිසියෙන් ලබාගෙන ඇතැයි රස පරික්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානීහු කියති. හඬ සැසඳීම සඳහා අවශ්‍ය කරන හඬපටය ලැබුණු පසුව ඒ සැසදීම් කටයුතු සඳහා රන්ජන් රානායක මහතා දින කිහිපයක් ඇතුළත කැඳවෙනු ඇතැයි රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව පවසයි.