https://www.gossiplankanews.com/2020/01/ranjith-soysa-wife-muditha.html
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණෙන් තරග කරන බව රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ බිරිඳ වන මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා මහත්මිය ඊයේ (31) පැවසුවාය. රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමමින්
තමන් එම තීරණය ගත් බව ද ඇය සඳහන් කළාය.මුදිතා ප්‍රියශාන්ති ද සොයියා  මහත්මිය මේ බව පැවසුවේ රත්නපුර ගොඩකවේල ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ ඇය මෙසේ ද  පැවැසුවාය.

දේශපාලනයට පිවිසීමට මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

මගේ ආදරණීය සැමියා මමවත් පුතාවත් දේශපාලනයට පිවිසිය යුතුයි කියලා තිබුණේ නැහැ. නමුත් ජනතාව මගෙන් කරන දැඩි ඉල්ලීම්වලට පිටුපාන්නට නොහැකි නිසා මේ  තීරණය ගත්තා. පසුගියදා රංජිත් සොයිසා මහතාගේ අවසන් කටයුතුවලට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව මගෙන් කළ ඉල්ලීම එයයි. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට පැමිණෙන
ලෙස මහින්ද රාජපක්ෂ මහතා මට ආරාධනා කළා. ඒ අනුව මගේ පුතණුවනුත් සමග එයට සහභාගි වුණා.

එහිදි අගමැතිවරයා මට පැවසුවේ රක්වාන ආසනයේ ඉදිරි දේශපාලන කටයුතු රංජීත් නවත්තපු තැන සිට නැවත පටන් ගන්නා ලෙසයි. එම දැනුම් දිම මට විශාල ශක්තියක් මෙන්ම ලොකු ආශිර්වාදයක්. ක්‍රියාකාරී දේශපාලනයට එක්වෙන්න කියලා පාර්ලිමේන්තු මැති ඇමැතිරුනුත් මගෙන් ඉල්ලුවා. උපරීම සහයෝගය ලබාදෙන බවටත් ඒ අය පොරොන්දු වුනා. ඒ අයුරින් ලැබුණු ආශිර්වාදය නිසයි මේ තීරණය ගත්තේ.


රංජින් සොයිසා නම් දක්ෂ දේශපාලනඥයා වගේ වේගයෙන් මට ඉදිරියට යාමට නොහැකි වුනත් මට ඒ මහතා සමග සිටි පාක්ෂිකයෝ තනි වෙන්නට ඉඩ දෙන්න බැහැ. නමුත් රංජිත් සොයිසා මහතා සිදු කළ ක්‍රියාකාරි
දේශපාලනයෙන් උපරිමය සිදු කිරීමට හැකියාව තිබෙන බවට මට විශ්වාසයක් පවතිනවා. රංජිත් සොයිසා මහතා සමග රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලනයේ රැඳී සිටි පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන
දේශපාලන නායකයන් සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මම සූදානම්.

ඔවුන් මට සහයෝගය ලබාදේයි කියලා මට දැඩි විශ්වාසයක් පවතිනවා. ඒ වගේම මේ වනවිටත් විශාල පිරිසක් සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත් වි තිබෙනවා. මෙම මාධ්‍ය හමුවට රංජිත් සොයිසා මහතාගේ පුත්‍රයා වන ටී. ලකිත් පන්කජද සොයිසා මහතාද සහභාගි විය.

-රෝහණ සමරවීර-