ලේක් හවුස් ආයතනය මගින් මුදුණය කර ප්‍රකාශයට පත් කරන ලද රැස පුවත්පත ආරම්භ කර වසර 2 ක ඇවෑමෙන් වසා දැමීමට එම ආයතනය තීරණය කර තිබේ.

අලෙවිය පහත වැටීම නිසා
 ඊයේ 30 සිට එහි මුද්‍රණය නතර විය.
ප්‍රධාන
ධාරාවේ පුවත්පත් අතරට නව ආරක දිනපතා පුවත්පතක් ලෙස 2018 ජනවාරි 11 දින ඇරඹූ මෙම පුවත්පත අලුත් පිටු සැකසුමකින් හා නවමු අන්තර්ගතයකින් යුතු විය.

ලේක් හවුස් ආයතනයේ පැරණි පුවත්පත් වත්මන් තරුණ පරපුරට ගෝචර නොවීම නිසා අලෙවිකරණ උපායක් ලෙස අන්තර්ජාලය හා සම්බන්ධිත නවමාධ්‍ය ඇසුරු කරමින් අලුත් පරම්පරාවේ ආකර්ෂණය මත ගොඩනැගූ විශේෂාංගද එහි පළ විය.

මෙම පුවත්පතේ ආරම්භ කතුවරයා වූයේ මීට ටික කලකට පෙර හදිසියේ දිවියෙන් සමුගත් චාමර ලක්ෂාන් කුමාර මහතාය.