සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇද්ද යන්න සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන්
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක
හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා එම වකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ අමාත්‍යවරයා එම දුරකතනයෙන් පුද්ගලයෙක් නමක් කියා තොරතුරු විමසූ බවත් ඔහු සම්බන්ධයෙන් මා හට කුමක් කළ හැකිදැයි විමසා සිටි බවත්ය.
දෙහිවලදී එවැනි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධයෙන් වසර 1 1/2 කට පසු තොරතුරු විමසන ලෙසත් දැනුම් දුන් බව හිටපු හමුදාපතිවරයා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
(ඉන්දිකා රාමනායක)