වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරිම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සකස් කළ නව වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගත වනු
ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්පාලි ජයසේකර මහතා ඊයේ (02) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඡනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෝවර් රථ දෙපාර්තතමේන්තුවේ කාරියක්ෂමතාව වර්ධනය කිරිම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

රියදුරු බලපත්‍ර අයදුම්පත් භාරගැනීමෙන් පසු බලපත්‍ර නිකුත් කළ හැකි නිෂ්චිත වෙලාවක් අයදුම්කරුවන්ට් ලබාදීම ඇතුලුව එම දෙපාර්තතම්මේන්තුවේ සියලු කටයුතු කාර්යක්ෂම කිරිම සඳහා වන වැඩපිළිවෙලක් මසක් ඇතුළත සකස් කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 26 වැනිදා එහි උසස් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ වේරහැර මෝරථ ප්‍රවාහන දපාතමේන්තුවේ කළ හදිසි නිරීක්ෂණ චාරිකාවකින් පසුවය.

එම උපදෙස් පරිදි වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති වෙනස්කම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා

ඊයේ (02) එහි නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

වෙනදා මෙන් විශාල පෝලික එහි දක්නට නොලැබුණු අතර අයදුම්කරුවන්ට් බලපත්‍ර නිකුත් කරන වේලාවක් නිශ්චිතව ලබාදී ඇති බව දැකගත හැකිවිය.

එහෙත් බොහෝ අයදුම්පාකරුවන් ප්‍රකාශ කළේ නිශ්චිත වෙලාවක් ලබාදී ඇතත් ඒ වෙලාවට අනුව බලපත් නොලැබෙන බවය.

ඇතැම් අවස්ථාව බොහෝ වෙලාවක් පෝලිමේ සිට මුදල් ගෙවා බලපත් නිකුත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ තවත් පැයක් පමණ බලාසිටි පසු නැවත කිසියම් අඩුපාඩුවක් පවසා එය සකස්කරගෙන එන්නැයි දන්වන බවද ඒ නිසා අනවශ්‍ය කාලයක් එහාට මෙහාට ගත කරන්නට සිදුව ඇති බවද ඇතැම්හු චෝදනා කළහ.

මුදල් ගෙවීමට පෙර තමන්ගේ අයදුම්පත් හා එහි ඇමුණුවල අඩුපාඩු සොයා බැලීම සිදුකරන නමුත් ඇතැමුන් ඒවා නිසි පරිදි සොයා නොබැලීම නිසා මේ ගැටලුවට මුහුණ දත්තට සිදුවන බවද ඔවුහු පැවසූහ.

අන්තර්ජාල පහසුකම් ඔස්සේ රියදුරු බලපත්‍ර ලබාගැනිමේ හැකියාව ඇති කරන්නේ නම් වේරහැර ප්‍රධාන කාර්යාලයේ ඇතිවන තදබදය අඩුකළ හැකි බව එහි සේවකයෝ පවසති.

එහෙත් තවමත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිය ඡාලයට සම්බන්ධ කරගෙන තිබෙන්නේ දිස්ත්‍රික් අටක කර්යාල පමණක් බව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කලක සිට බලධාරින් දැනුවත් කර තිබුණේද ප්‍රතිපාදන වෙන් නොකිරීම නිසා මේ ප්‍රමාදය සිදුව ඇති බවද ඔහු පැවසීය.

රියදුරු බලපත් අයදුම්කරුවන්ගේ වෛද්‍ය සහතික නිකුත් කිරිමේ කාර්යයද රඡයේ රෝහල්වලින් සිදුකිරීම පිළිබඳ ගැටලුද තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙන බවද එම නිලධාරියා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මහතා සඳහන් කළේ තව සති දෙකක් ඇතුළත තව වැඩපිලිවල ක්‍රියාත්මක කිරීම අරඹන බවය.

ඒ අනුව රියදුරු බලපත්‍ර අයදුම්කරුවකුට පැය ගණනාවක් මෙම ආයතනයට පැමිණය රස්තියාදු වීමට සිදු නොවනු ඇති බවද ඡයසේකර මහතා වැඩිදුරචත් පැවසිය.

මුදිතා දයානන්ද / සඳුනි කෞශල්‍යා