ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කර උඩින් යැයි එම පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවට එස්.බී. දිසානායක ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවට කිසිවකුට ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති කිරීමට කිසිවකුට නොහැකි යැයිද කී මහලේකම්වරයා එලෙස ප්‍රකාශ කරන අය ගමේ ඡන්දය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ නිවසේ සිට යැයි ද සඳහන් කළේය.
හඟුරන්කෙත ආසනයේ එවැනි ප්‍රකාශ කරන අයගේ තත්ත්වයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තත්ත්වයත් අද ඉතාම පැහැදිලි බවත් මෙහිදී ප්‍රකාශ විය.
නිලන්ත මදුරාවල