සිසුවියන්ගේ දෙමව්පියන් අද (30) පෙ.ව. 09.30 ට පමණ එම පාසල් පරිශ්‍රයේදී විරෝධතාවයක නිරිත වූහ.
මෙම විදුහලේ වත්මන් විදුහල්පතිනිය හා ගුරුවරයෙක් අතර මාස කීපයක කාලයක් තිස්සේ පවතින ගැටළුවක් හේතුවෙන් විද්‍යාලයේ නිරන්තර ප්‍රශ්න ඇතිව තිබෙන බවත්, එම ගුරුවරයාට වෙනත් පාසලකට ඉකුත් සතියේ සිට ස්ථාන මාරුවක් ලබා දීමෙන් පසු
අදාල ගුරුවරයා ඊයේ (29) දා වස පානය කර අසාධ්‍ය තත්වයෙන් දික්ඔය මූලික රෝහල වෙත ඇතලත් කර ඇති බවත්, එම තත්වයත් සමග විදුහලේ ගැටළු රැසක් උද්ගතවීම හේතුවෙන් තම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවී ඇති බව දෙමව්පියෝ පවසති.
මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් ගවරවිල දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පවසා සිටියේ, විදුහලේ කාලයක් තිස්සේ ගුරුවරුන් හා විදුහල්පතිනිය අතර පවතින ප්‍රශ්න රැසක් හේතුවෙන් තම අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් සිදුවී ඇති බවත්, ප්‍රශ්න හමුවේ වස පාලන කරන ගුරුවරුන් සිටින පාසලක තමන්ටද වස පානය කිරීමට සිතෙන බවත්, තම දෙමව්පියන් දැඩි දුකක් විඳිමින් තමන් අධයාපන කටයුතු සඳහා පාසලට එවූවද පාසල් පරිපාලනයේ පවතින ගැටළු හේතුවෙන් තමන් මෙන්ම තම දෙමව්පියන්ද දැඩි පීඩාවට හා දුෂ්කරතාවයකට පත්ව සිටින බවත්, අධ්‍යාපන බලධාරීන් විසින් මෙම ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
මෙම විද්‍යාලයේ ගුරුවරුන් 37 ක් සිටින අතර සිසුසිසුවියන් 1000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය හදාරති.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)