තබුවා" නම් අධි ආරක්ෂිත මත්ස්‍යයකු මරා කැබලි කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කල්පිටිය වෙරළ ආරක්ෂක බළකාය මගින්, කල්පිටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන, පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත ඊයේ (01) භාර දී ඇත.

සැකකරු 35 හැවිරිදි

බත්තලංගුණ්ඩුවේ පදිංචි සංක්‍රමණික ධීවරයෙකි.

සැකකරු මෙම මත්ස්‍යයා බත්තලංගුණ්ඩුව දූපතේ සිට මීගමුව බලා රැගෙන යාමට සුදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

1996 අංක දෙක දරන ධීවර පනතේ 61 වගක්තියට අනුව, තබුවා මත්සයා සන්තකයේ තබා ගැනීම, මැරීම සහ විකිණීම සපුරා තහනම් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.

තබුවා මසුන් මුහුදු පතුලේ ගල්පර වැලිවලින් වැසුටු විට, ඒවා පිරිසිදු කොට, මසුන්ට බිජු ලෑමට සුදුසු ලෙස සකසන අතර, තබුවා සහ ඉස්සන් අතර සහජීවන ක්‍රියාවක් පවතින බවත්, ඉස්සන් පැටවුන් තබුවාගේ මුඛය තුළ රඳවා ගන්නා බවත්, ඒ මහතා පැවසුවේය.

සැකකරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කල්පිටිය - කුමාරි කොට්ටිහච්චි