(26දා) විල්අමුණු ප්‍රදේශයේ වැසිකිළි වළකින් හමු වූ අතර තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූහ.මෙම නිවෙසේ සිටි කාන්තාවක මීට වසර 6කට පමණ පෙර අතුරුදන්ව තිබූ අතර ඇගේ සැමියා ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබිණි.
කෙසේ වෙතත් ඔහු ඉන්පසුව වෙනත් විවාහයක් කරගෙන එම නිවෙසේම වාසය කරමින් සිටියි.මෙම අස්ථි කැබැලි එසේ අතුරුදන් වූ කාන්තාවගේ දැයි මේ වනවිට සැකයක් මතුවී තිබේ. එම නිවෙසේ වැසිකිළි වළේ අපද්‍රව්‍ය ගොඩදැමීමේදි මිනිස් ශරීරයක අස්ථි කොටස් හමු වූ වැසිකිළි වළ පිළිබඳව හා එම ස්ථානය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා විසින් තෙල්දෙණිය විල්අමුණ ප්‍රදේශයේදී විසි හයවන දින පස්වරු එකයි තිහට පැවැත්විණි.
එම අස්ථි කොටස් හමුවූ විල්අමුණ ප්‍රදේශයේ එම නිවෙස අවට ස්ථාන පරික්ෂණයෙන් පසුව එම මල අපද්‍රව්‍ය දැමූ වික්ටෝරියා ජලාශ රක්ෂිතයේ වෑගල ප්‍රදේශයේදි ද ස්ථාන පරික්ෂණයක් තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්රේල්මකුමාර මහතා විසින් පවත්වා එම ස්ථානයට මල අපද්‍රව්‍ය සමඟ ඉවත දමන ලද මිනිස් ශරීරයේ අස්ථි කොටස් ඇතුළු ඉවත දැමු දෑ පිළිබඳවද මහෙස්ත්‍රාත් පරික්ෂණය එදින පවත්වා මෙම අබිරහස් මරණය පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් පවත්වා තෙල්දෙණිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ට විසිහය වන දින පස්වරුවේදි නියෝග කළේය.
මෙම නිවෙසේ වැසිකිළි වළ පසුගිය දිනක ගලි බවුසරයක් මඟින් ඉවත් කර වික්ටෝරියා ජලාශ ඉස්මත්තේ පිහිටි වෑගල රක්ෂිතයට දමා තිබිණි. එම ස්ථානයේ තිබී මිනිස් ශරීරයක අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇත. තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු වැඩිදුර
පරික්ෂණ පවත්වති.