කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතිකයින් ගණන අද 28 වනවිට 4535 කි. මේ අය අතුරින්
976 ක් බරපතල තත්වයේ පසුවෙති. දැනට 106 ක් මියගොස් ඇත.
වුහාන් නගරයේ ආසාදිත වෛද්‍යවරුන් ගණන 15 ක් වන අතර
වෛද්‍ය සේවකයින් තිදෙනා අඟහරුවාදා දහවල් වන විට සම්පූර්ණ සුවය ලද බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මේ වනවිට එලෙස සුවය ලද චීන පුද්ගලයින් ගණන 60 කි.
මුදා හැරීම සදහා ප්‍රමිති ලෙස චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම දක්වා සිටින්නේ,
1. අවම වශයෙන් දින තුනක්වත් ශරීර උෂ්ණත්වය සාමාන්‍ය පරිදි පැවතීම
2. ශ්වසන රෝග ලක්ෂණය පැහැදිලිව අවමවී සාමාන්‍ය තත්වය දියුණු කිරීම
3. අවම වශයෙන් එක් දිනක නියැදි පරතරය තුළ අනුක්‍රමික වාර දෙකක් සඳහා වෛරස් පරීක්ෂණ සෘණාත්මක (negative) වීමයි.