කොරෝනා වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාවන්ගේ මගපෙන්නා කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකරමින් මාතලේ දිසා මහ රෝහලට ඊයේ (29දා) උදෑසන ඇතුළත් කර, පසුව මහනුවර මහ
රෝහලට මාරු කළ බව මාතලේ දිසා මහ රෝහල පවසයි.
කොරෝනා වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව ලැගුම්ගෙන සිටි මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ කිරීමේදී චීන ජාතික කාන්තාවකගේ මගපෙන්වන්නා සෙම්ප්රතික්ෂව හා කැස්ස
කොරෝනා වෛරසයට ගොදුරුව හා සැකකටයුතු රෝගීන් ඇතුළත් කිරීමට මහනුවර මහ රෝහලේ අංක 36 දරන වාට්ටුව වෙන්කර තිබෙන බවද ඒ මහත්මිය පවසා සිටියාය.
මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා කොරෝනා වෛරසයට ගොදුරු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට මෙම වාට්ටුවට දැනට පිළියෙල කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබෙන බවද වික්‍රමතිලක මහත්මිය සඳහන් කළාය.
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති චීන කාන්තාව මධ්‍යම පළාත තුළ සැරිසැරූ සියලු ස්ථාන සහ ඇයගේ සංචාරයේදී ඇයට සහාය දැක්වූ සියලු පුද්ගලයන් පිළිබද පරික්ෂා කරන බැවින් ජනතාව කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසුවාය.
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සහ ජනතාව තුළ පවතින බිය සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරයාගෙන් ඊයේ (2) කළ විමසුමකදී අධ්යක්ෂවරයා මේ බව පවසා සිටියේය.
මහනුවර - මොහොමඩ් ආසින් / මාතලේ - ඇම්.ඩබ්.සෝමරත්න/ රත්තොට - රුවන් ධනංජය