මොවුන්ට ආරක්ෂාව ලබාදෙමින් පැමිණි මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.මන්නා පිහිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කුණු ඇළකින් ද මෙරට නිෂ්පාදිත ගිනි අවිය අම්බලගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවක තිබියදී ද සොයාගත් බව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වූයේ නිලුකා
මෙකී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කොටුකර ගැනීමට පොලිසිය ජී.පී.එස්. තාක්ෂණය හා දුරකතන වාර්තා විශ්ලේෂණය මගින් ලබාගත් දත්ත උපයෝගි කරගෙන ඇති බැව් පොලිසිය පවසයි. හෝටල් හිමිකාරිය ඝාතනය කිරිම සඳහා විදේශගතව සිටින ඇයගේ සැමියා සැකකරුවන්ට රුපියල් ලක්ෂ 23ක කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. හෝටල් හිමිකාරිය ඝාතනය කිරිමෙන් පසු විදේශගතව සිටින සැමියා යුරෝ මුදල්වලින් මොවුන්ගේ ගිණුම්වලට රුපියල් ලක්ෂ 23ක මුදල බැරකොට ඇති බව ද පොලිසිය පවසයි.
අත්ඩංගුවට ගත් සැකකරුවෝ අම්බලන්ගොඩ, ඉදුරුව හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. හෝටල් හිමිකාරිය ඝාතනය කිරිම සඳහා යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්
අනික් සැකකරු රථවාහන අත්පත් කරගන්නා ආයතනයක සේවය කරන්නෙකි. සැකකරුවන් දෙදෙනකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයකු ඉදුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හෝටල් හිමිකාරිය ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුටය. පසුව ඔවුන් හෝටල් හිමිකාරිය ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනාට බාරදි ඇත. සැකකරුවන් අතර විශ්‍රාමික හමුදා මේජර්වරයකුගේ පුත්‍රයකු සිටින බව ද පොලිසිය පවසයි.ඝාතකයින් සන්තකයේ තිබි රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
-රවි ලියනගේ-