ගෙන තමන්ට
මෙම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට එරෙහිව ඇමෙරිකන් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව තිබෙන නිසා ඔහු අත්අඩංගුවට ගෙන උදර්පත නීතිය යටතේ ඇමෙරිකාවට බාර දෙන ලෙස මෙසේ අධිකරණ අමාත්‍යංශය හරහා ඉල්ලීමක් කර තම්බන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියන් ඊයේ (27) පැවසීය. මෙම ඉල්ලීම පිළිබඳව අධිකරණය අමාත්‍යාංශය රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
ඇමරිකාවේ අල්ටා නවාජෝ නගරයේ නගරාධිපති ඩෙවිඩ් හෙරේරා විසින් නීති විරෝධී ලෙස එවා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 54ක මුදලින් ඉඩම් කොටස් 17ක් මිලදී ගත් ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් කටයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තොරතුරු වාර්තාවක් ද මේ වන විටත් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් යවා තිබෙන බව පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ
පොලිස් නිලධාරියක් කිය. රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය