මහත්මියට ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානය පරිනැමීමට එරට රජය තීරණය කර ඇත. ආචාර්ය චජිරා චිත්‍රසේන සහ නැසිගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සිය ක්ෂේත්‍රයන් වෙනුවෙන් ලබාදුන් පුරෝගාමී දායකත්වය සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් එම සම්මානය පිරිනැමීමට තීරණය කර ඇත.
පද්ම ශ්‍රී සම්මානය ඉන්දියා රජයෙන් එරට සිවිල් වැසියන්ට පිරිනැමෙන සිවුවැනි ඉහළම සම්මානය වන අතර ඒ සඳහා
ඇය උඩරට නර්තන ශිල්පය සිය පූර්ණ කාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාව ද ජේ. ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියගේ කලා ක්ෂේත්‍රයේ ගමන දශක හයකට අධික වේ. මේ වන විට 87 වැනි වියෙහි පසුවන ඇය චිත්‍රසේන, වජිරා නර්තන පදනමේ විදුහල්පතිනිය ද වේ. ඇය අග්‍රගණ්‍ය මුද්‍රා නාට්‍ය ශිල්පියකු වූ අභාවප්‍රාප්ත චිත්‍රසේනයන්ගේ ආදරණිය භාර්යාව වේ.
ඇය ඉන්දියාවේ, රුසියාවේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නර්තන ඉගැනුම් ක්‍රමවේද පිළිබද පරියේෂණ කරන ලද ගුරුවරියකි. නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන වෙත හඳුන්වා දීමට සහ ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළ අයෙකි. 1975 වසරේ දී නාගපූර්හි පැවැති හින්දි සම්මේලනය සඳහා ද ඇය සහභාගි වූවාය.1995 වසරේ දී
මූලික වශයෙන්ම ඇයගේ ප්‍රයත්නයන් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හින්දි භාෂා අධ්‍යයනය සඳහා පවතින විශාලතම මධ්‍යස්ථානය බවට පත්ව තිබේ. එම උත්සවය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල හයකට අමතරව විවිධ ආයතන සහ පාසල් 80කට අධික සංඛ්‍යාචක හින්දි භාෂාව උගන්වනු ලැබේ.මහාචාර්ය දසනායක මහත්මිය 2007 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින නවදිල්ලියේ පැවති ලෝක හින්දි සම්මේලනයේ දී 2005 වසර සඳහා පිරිනමනු ලබන ආචාර්ය ජෝර්ජ් ග්‍රියසන් හින්දි සේවි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.මහාචාර්ය දසනායක මහත්මිය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අභාවප්‍රාප්ත වූවාය. අග්‍රගණ්‍ය සංගීතවේදී පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේවයන් ද මිට ඉහත දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබිය.