ගම්පොළ ගලහ දෙල්තොටවත්ත ප්‍රදේශයේ පාසලක් වෙත පෙරේදා (03දා) පැමිණි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යයාවක් උදෑසන 09.00 සිට අතුරුදන්ව සිටියදී පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සොයා බැලීමකදී
එදින රාත්‍රී 7.00ට පමණ ඇය විද්‍යාලයේ වැසිකිළිය තුළ සිටියදී සොයාගත් බව ගලහ පොලීසිය පවසයි. ශිෂ්‍යත්ව විභාගය සඳහා 5 වසර පන්තියේ ඉගෙනුම  ලබන ශිෂ්‍යාවක් මෙසේ අතුරුදන්ව සිට ඇත.

ඇය උදෑසන පාසලට පැමිණ උදෑසන 9ට පමණ තවත් ළමයෙකුට බඩරිදෙන බව පවසා පංතිය
තුළ ඇගේ පොත් බෑගය තබා එළියට ගොස් තිබෙන බවත්, එම ශිෂ්‍යයාවන්ගේ වැඩිමහල් සොයුරාද මෙම පාසලේම ඉගෙනුම ලබන අතර පාසල නිමවී සවස 2.00ට පමණ නිවසට ගොස් ඇත්තේ මෙම ශිෂ්‍යාවන්ගේ පොත් බෑගය රැගෙන පැමිණියද සිය නැගණිය නිවසේ නොමැති බව  පියා පවසා ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.

පියා පාසලට ගොස් විමසීමේදී පාසලේ විදුහල්පතිවරයා හෝ පන්තිභාර ගුරුවරිය ඇය පිළිබඳව නොදන්නා බව පැවසීම නිසා ප්‍රදේශවාසීන් ඇය සෙවීම සිදුකර ඇති අතර සවස 5.00ට පමණ වනවිට ගලහ පොලීසියටද මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව ගලහ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රත්නායක තල්වත්ත මහතා පොලිස් කණ්ඩායමක් රැගෙන දෙල්තොටවත්තට ගොස් එක්ව සිටි ප්‍රදේශවාසීන් සමග ඇය සෙවීම ආරම්භ කර ඇත.

අතුරුදන්ව සිටි ශිෂ්‍යාව පාසලේ වැසිකිළිය තුළ සිටින බවට රාත්‍රී 7.00ට පමණ තොරතුරු ලැබී තිබේ. මීට පෙර එම වැසිකිළිය තුළ සෝදිසිකිරීම් කරන අවස්ථාවේ ඇය එහි නොසිට ඇති අතර ඇගෙන් මේ බව විමසුවද ඇය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මෙහිදී විහල්පති සුරේෂ් කුමාර හා පන්තිභාර ගුරුවරිය වූ වීරයියා මල්ලිකා යන අයගෙන් පොලීසිය ලබාගත් කටඋත්තරය අනුව ඔවුන් මෙම ශිෂ්‍යාව ගැන කිසිවක් නොදන්නා බව සඳහන් කර ඇත.  ඇගේ පියා වන ආරුමුගන් රාජේන්ද්‍රන්ද මෙහිදී කටඋත්තර ලබාදී ඇත. මෙම ශිෂ්‍යාව පේරාදෙණිය රෝහලේ අධිකරණ
වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.

-සුරංග දිල්හාන්-