ඊයේ 02 වන දින රාත්‍රී 7.00 ත් 9.00 ත් අතර කාලයේදී ජා ඇල පොලිස් වසමේ මිනුවන්ගොඩ ජා ඇල මාර්ගයේ ඒකල මොන්ටා හන්දිය ආසන්නයේ පාළු ඉඩමකදී, මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට ත්‍රී රෝද රථයකින්
කුලී ගමනක් පැමිණි
පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරුට තියුණු ආයුධයකින් පහරදී ඔහු සන්තකයේ තිබු රුපියල් 1000/-ක මුදලක්ද කොල්ලකා පලාගොස් ඇත.
බරපතල තත්වයේ පසු වූ තුවාලකරු ජා ඇල පොලිස් ස්ථානයේ ජංගම සංචාර නිලධාරීන් විසින් ජා ඇල රෝහලට ඇතුලත් කර ඇති අතර. වැඩිදුර ප්‍රථිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය අය වයස අවරුදු 67 ක් වූ අඹගහවත්ත, ගම්පහ පාර, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අපරාධය සිදුකල පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.