නොරොච්චොල ගල් අගුරු බලාගාරය රුපියල් කෝටියක් ගෙවා මාස තුනක පමණ කාලයක් තිස්සේ අලුත්වැඩියා කළද යළි ආරම්භ කොටදින 10කින් එය නැවත ක්‍රියා විරහිත වි ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල
ආරංචි මාර්ග සඳහන් කරයි. නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පළමු අදියරේ මෙගාවොට් 300ක විදුලි ජනන යන්ත්‍රය ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට නතර කර මාස තුනකින් අලුත්වැඩියා කළ අතර මෙම මස 04 වැනි දින යළි ක්‍රියාත්මක කෙරිණි.එහෙත් එම බලාගාරය මෙම මස 14 වැනි දින නැවත ක්‍රියාවිරහිත වී තිබේ.

එම අලුත්වැඩියා කටයුතු සඳහා චීන සමාගමකට ලංකා විදුලිබල මණ්ඩලය ඩොලර් මිලියන 3.8ක මුදලක් ගෙවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ මෙගාවොට් 300ක එම ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා අතිරේකව මෙගාවොට් පැය 6 ක විදුලියක් ජනනය කිරිම ජල විදුලිබලාගාරවලින් සිදු කෙරෙන බවද ලංවිම ආරංචි මාර්ග කියයි.. මේ අතර දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බවද එම ආරංචි මාර්ග පැවැසිය.

-රංජන් කස්තුරි-