එළඹෙන සඳුදා දින කොළඹ පාසල් 15 කට නිවාඩු ලබා දී තිබෙනවා. ඒ 72 වැනි ජාතික නිදහස් දිනයේ අවසන් පුහුණු කටයුතු හේතුවෙන්.

ඒ අනුව
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යශෝධරා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය මෙන්ම, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල සහ විචර්ලි ජාත්‍යන්තර පාසල්වලට නිවාඩු ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය, කොළඹ 12 මිහිඳු මහා විද්‍යාලය, කොළඹ 10 අල් හිදායා විද්‍යාලය සහ කොළඹ 10 අශෝකමඟ විද්‍යාලයට ද මෙලෙස නිවාඩු ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් එම දිනයේ මග හැරෙන අධ්‍යයන කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් අධ්‍යාපන කටයුතු ආවරණය කරන ලෙසටයි පාසල් ප්‍රධානීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙන්නේ.