මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ අභයපුර පදිංචි 19 හැවිරිදි අඹේගොඩ ලියනගේ තක්සර කාවින්ද, ගොනාගොල්ල අර පදිංචි 19 හැවිරිදි ඩබ්ලිව්. රසික මධුසංඛ, අඹගහපැලැස්ස පදිංචි 17 හැවිරිදි
බෝමළුවේ වත්තේගෙදර ප්‍රභාත් තරිදු කුමාර රත්නායක සහ නාරම්පනාවේ පදිංචි 17 හැවිරිදි
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ අභයපුර පදිංචි 19 හැවිරිදි අඹේගොඩ ලියනගේ තත්සර කාවින්ද, ගොනාගොල්ල අම්පාර පදිංචි 19 හැවිරිදි ඩබ්ලිව්. රසික මධුසංඛ, අඹගහපැලැස්ස පදිංචි 17 හැවිරිදි බෝමළුවේ වත්තේගෙදර ප්‍රභාත් තරිදු කුමාර රත්නායක සහ නාරම්පනාවේ පදිංචි 17 හැවිරිදි වීරසේකර මුදියන්සේලාගේ මහෙෂ් මධුෂික වීරසේකර නමැති තරුණයින් බවද පොලිසිය කියයි.කැබ් රථය පැද වූ බව කියන තරුණයා අනතුර සිදු වූ ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තිදෙනා මැණික්හින්න ප්‍රාදේශීය රෝහලට ගෙන යන අතරතුරදී මියගොස් ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගිය තරුණයන් දිගන නගරයේ පිහිටි බර වාහන කුලියට දෙන ආයතනයක පුහුණුව ලබමින් සිටි පිරිසක් බවද පොලිසිය කියයි. මෙම තරුණ පිරිස කැබ් රථයෙන් මැණික්හින්න දෙසට ගොස් ඇත්තේ කුමන කරුණක් නිසාදැයි සහ ඔවුන් ගමන් කළේ කොහාටද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරක් නැති බවත් එම තොරතුරු සොයා ගැනීමට පරික්ෂණ පවත්වන බවත් මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ආරියවංශ මහතා පැවසීය. මියගිය තරුණයගේ මළ සිරුරු මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ තැත්පත් කර ඇති බවද පොලීසිය කියයි. මෙම අනතුරෙන් තරුණයන් ගමන් කළ කැබ් රථය තුනකට කැඩි ගොස් ඇති බව පොලිසිය කියයි.