ඉන්දියාවේ කොල්කටා පොලිසිය විසින් කාන්තාවන් බ්ලැක්මේල් කිරීම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලදී එරට බලගතු ව්‍යාපාරික ආයතනවල පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අතර වැඩිදුර සොයා බැලීමේදී කාන්තාවන් 182 දෙනෙකුගේ සමීප රූප සහිත වීඩියෝ පට සොයා ගෙන තිබේ. පොලිසිය බ්‍රහස්පතින්දා කියා සිටියේ ව්‍යාපාරික ආයතන දෙකක පුද්ගලයන් වසර හතක් තිස්සේ මෙකී කාන්තාවන්ගේ වීඩියෝ පටිගත කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් තුන්වන
පුද්ගලයා ඔවුන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් වැඩ කළ බවත්, ඔහු තම වීඩියෝව අන්තර්ජාලයට දමන බවට තර්ජනය කිරීමේ මුවාවෙන් බ්ලැක්මේල් කර ඔහුගෙන් වින්දිතයෙකු අමතා මුදල් ඉල්ලා සිටි බවත් ඉන්දීය පොලිස‍ෙ නිලධාරියා පවසා ඇත.

චූදිත අනීෂ් ලොහාරුකා අයත් වන්නේ හෝටල් රාශියක් ඇති පවුලකට බවත් ඔහුගේ මිතුරා ආදිත්‍ය අගර්වාල්ගේ පවුලට ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳසැල් දාමයක් ඇති බවත් එම නිලධාරියා පැවසීය. ඔවුන් දෙදෙනාම 2013 සිට වීඩියෝ පට ගැනීම අරඹා තිබේ.

    නිලධාරියා පැවසුවේ, “පළමුව ඔවුන් කාන්තාවක් සමඟ මිත්‍ර වනු ඇත. ඉන්පසු ඔහු ඇය සමඟ ශාරීරික සබඳතා ඇති කර ගන්නේය. ඔවුන් සමීප අවස්ථාවන්හි පින්තූර සහ වීඩියෝ ගැනීම ඉන්පසු කරන අතර ඒවා සකසා ඒවා පරිගණකයක තැන්පත් කරනු ලබයි.
 ටික කාලෙකට පසු ඔවුන් කාන්තාවගෙන් වෙන්වන අතර ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ බ්ලැක්මේල් කර එම කාන්තාවන්ගෙන් මුදල් ලබා ගැනීමයි.

පසුගිය වසරේ නොවැම්බරයේදී කොල්කටා පොලිසියේ සයිබර් අපරාධ අංශයේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී, කයිලාෂ් යාදව් නම් පුද්ගලයෙකුව පොලීසිය විසින් ජනවාරි 10 වනදා අත්අඩංගුවට ගත් බව පැමිණිලිකරුට බ්ලැක්මේල් කළ බව පවසා තිබේ.

    පසුගිය වසර හත තුළ විත්තිකරු විසින් සාදන ලද කාන්තාවන් 182 දෙනෙකුගේ සමීප වීඩියෝ පට පොලීසිය විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රාදේශීය අධිකරණයකට ඉදිරිපත් කිරීමට පෙර පෙබරවාරි 6 වනදා දක්වා ඔහු පොලිස් භාරයට ගෙන තිබේ.