ඉතාලිය තුළ නව කොරෝනා වෛරසයේ (කොවිඩ්-19) ආසාදිතයන් 205 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එරට බලධාරින් සඳහන් කරයි. එසේම දැනටමත් එම වෛරසය හේතුවෙන් මරණයට පත්වූවන් 4 දෙනකුද එරටින්
වාර්තා වී තිබේ.
මේ අතරින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉතාලියේ ලොම්බාර්ඩි පළාතෙනි, වෙනෙටෝ පළාතෙන්ද සිදුවීම් වාර්තා වී ඇත. මෙලෙස කොවිඩ්-19 වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පළාත් වෙත ඇතුළුවීම හෝ ඉන් පිටවීම විශේෂ අවසරයකින් තොරව සිදුකිරීම වැළැක්වීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත. එසේම නැවත දැනුම් දෙනතුරු එම ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දැමීමටත් පියවර ගන්නා බව ඉතාලි අගමැති ගියුසෙපේ කොන්ටේ පවසා ඇත.