කොරෝනා වෛරසය ආසාධනය වූ බවට ඇතිවූ සැකය මත මේ වන විට රෝගීන් 20 දෙනෙකුගේ සාම්පල පරික්ෂා කර ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

කෙසේ
වෙතත් එම සාම්පල අතරින් පෙර හඳුනාගත් චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී නොමැති බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ.

කෙරෝනා වෛරසය ආසාධනය වී ඇත්දැයි තහවුරු කරගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකරනු ලබන සෙම පටල පරික්ෂාව සඳහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් තිස්දහසක මුදලක් වැය වන බවද අධ්‍යක්ෂ වරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මහජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් රජය නොමිලේ ලබාදෙන බවයි වෛද්‍ය පර්යේෂණණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ