ක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට- මත්තල කොටස විවෘත කිරීම සිදුවන අතරවාරයේ සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ආරංචියකින් කියැවුනේ රාජපක්ෂ මහගෙදර පිහිටි මැදමුලනට පහසුවෙන් ප්‍රවිශ්ට විය හැකි පිවිසුමක් අධිවේගී මාර්ගයට නව කොටසක් ලෙස බැඳිගම හන්දියේ
ඇතුළත් කර ඇති බවත් නව රජය බලයට පත්වූ පසු කඩිමුඩියේ ඉදිකිරීම ඇරඹි එය නොබෝ දිනකින් විවෘත වනු ඇත්තේ රුපියල් ලක්ෂ 465ක නාස්තියක් සිදු කරමින් බවත්ය.
බෙලිඅත්තේ සිට බරවකකුඹුර දක්වා වූ

කොටසේ අධිවේගී හුවමාරු මධ්‍යස්ථාන 4කි. බෙලිඅත්ත, කසාගල,අඟුනුකොලපැලැස්ස, බරවකකුඹුර ය. මෙහි බෙලි අත්තේ සිට කසාගල දක්වා වූ දුර 12kmකි. මැදමුලන පිහිටි රාජපක්ෂ උපන් ගමට යාම සඳහා පහසු වී තිබුනේ මෙම බෙලි අත්ත හුවමාරුවෙන් පිටතට පැමිණීමෙන්ය. එහිදී මැදමුලනට ළඟාවීම සඳහා යායුතුව තිබුනේ 16km පමණි.
නමුත් එම 16km යා‍ම කරදරයක් ලෙස සලකා නව රජයේ පත්වීමත් සමග නව අන්තර් හුවමාරු මාර්ගයක් කඩිමුඩියේ ඉදිකිරීම අරඹා තිබේ. මෙම මාර්ගය බෙලි අත්තේ සිට කසාගල පිහිටි බැඳිගම හන්දියේ ඉදිකරමින් පවතින බවද වාර්තාවේ.
කෙසේ වෙතත් එතැන් සිට මැදමුලනට කිලෝමීටර 10 ක් පවතියි.
 කිලෝමීටර් 06කින් පමණක් දුර අඩුකිරීම සඳහා රුපියල් ලක්ෂ 465ක වියදමක් දරමින් නව අධිවේගී අන්තර් හුවමාරුවක් ඉදිකිරීම ජාතික අපරාධයක් බව දක්වමින් සමාජ මාධ්‍ය තුළ පණිවිඩ හුවමාරුවෙමින් පවතී.
කෙසේ වෙතත් පසුගියදා සිදු කළ විවෘත කිරීමේ උත්සවයේදී මෙයට පිළිතුරු සපයන්නට මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් විය. ඔහු මෙසේ කීය.


'මහින්ද රාජපක්ෂ ජනපති කාලෙ සැලසුමේ අන්තර් හුවමාරු 9 ක් තිබ්බා.  පසුගිය රජය 9 වෙනි එක බැදිගම අතෑරියා.
දැන් පෙරේදා ඉදලා ගහනවා ෆේස් බුක් එකේ දැන් රාජපක්ෂලාගේ ගෙදර යන්න අලුතින් ඉන්ටර්චේන්ජ් එකක් දැම්මලු කෝටි ගාණක් වියදම් කෙරුවලු. මේ බැඳිගමෙන් යන්න දාපු අන්තර් හුවමාරුවෙන් හෝටල් තුන්හාරසීය ගාණකට යන්න කිලෝමීටර් 6 න් යන්න පුළුවන් වෙනවා. රාජපක්ෂ පවුලෙන් පලිගන්න ඕන නිසා ගිය ආණ්ඩුව මේක නතර කෙරුවා.'