බීමතින් රිය පදවා දේපළ හානි සිදුකිරීම හා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරට රුපියල් 32,500ක දඩ
මුදලක් නියම කළ අතර, රියදුරු බලපත්රය මාස 6ක කාලයකට අත්හිටුවීමට හලාවත මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිරදඩුවම් පැනවීමට මහේස්ත්රාත්වරයා විසින් නියෝග කළේය.
එම අනතුරෙන් අලාභහානි සිදුවූ නිවස යළි අලුත්වැඩියා කර අධිකරණයට දැනුම් දෙන ලෙසත්, රජයේ රථ වාහනයකට අලාභ කිරීමට එරෙහිව වෙනත් නඩුවක් ගොනුකරන ලෙසත් මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.
මෙම අනතුර සිදුවූ වාහනයේ තිබී හමුවූ වොඩ්කා බෝතලයේ තිබුනේ වතුර බවට රංගෙ බණ්ඩාර මහතා පකාශ කිරීම නිසා කලකට ඉහත ආන්දෝලනයක්ද ඇති විය.