දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසේ ආපනශාලා සහ වෙළෙඳසල්වලින් සමන්විත විවේක ප්‍රදේශයක් (Rest Area) මාතර අපරැක්ක ප්‍රදේශයේ පිහිටුවීමට කටයුතු කරන බව මාර්ග
සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ. අතලුවගේ මහතා ඊයේ පැවැසිය.  එම විවේක ප්‍රදේශය පිහිටු වීමට අදාළ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව ද සභාපතිවරයා කීය. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මේ වනවිට එකම විවේක ප්‍රදේශය පිහිටුවා තිබෙන්නේ මතුගම, වැලිපැන්න ප්‍රදේශයේය.

මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ වීමත් සමග ජනතාවගේ පහසුව සඳහා තවත් විවේකයක් අවශ්‍ය වන බොහෝ දෙනාගෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මාතර -හම්බන්තොට මාර්ග කොටස එක්වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 222ක් දක්වා ඉහළ ගියේය. අලුතින් එකතු කෙරුණු මාතර - හම්බන්තොට කොටසේ දුර කිලෝ මීටර් 96කි.


-සුජිත් හෝවාජුලියගේ-