දැනට පැතිරයන කොරෝනා වෛරසයෙන් රෝගින් ආරක්ෂාකර ගැනීම සඳහා මහරගම අපේක්ෂා රෝහලේ
සියලුම දානමය කටයුතු

මෙන්ම විවිධ සමාජ සත්කාරක සේවාවන්ද තාවකාලිකව නතර කර දමා ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.රෝහලට පැමිණෙන බාහිර පුද්ගලයන්ගේ සංඛ්‍යාව දැනටමත් සීමා කර අවශ්‍යම ආරක්ෂාව සලසා ඇතැයිද ඒ මහතා කීය.

ළමා වාට්ටුවල පැවැත්වෙන විනෝද ක්‍රීඩා හා ක්‍රියාකාරකම් මේ සමගම මුළුමනින්ම නතරකර ඇති අතර ඒවා සංවිධාන නොකරන ලෙසට ඉල්ලීමක් කරන බවද ඔහු කීවේය. අපේක්ෂා රෝහලේ මේ වනවිට නේවාසික රෝගින් 1200 පමණ සිටිති.

-ජයන්ත සමරකොන්-