ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරියකුව සිට විශ්‍රාම යෑමෙන් අනතුරුව සිය විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර දෙකක් කාලය ගත වූ බවත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා තැනැත්තන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මසක දී විශ්‍රාම වැටුප් ලබා   දීමේ ක්‍රමයක්
ඇති කිරීමට ඒ හේතුවෙන් ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.


කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ ඊයේ (23) පැවැති විශේෂ සාකච්ඡාවක දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළ අතර හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිතුමා විශ්‍රාම ගිහින් විශ්‍රාම වැටුප් ෆයිල් එක මාස ගාණක් තියා ගත්තා. අවුරුදු දෙකහමාරක් වෙනකල් එතුමගේ විශ්‍රාම වැටුප ලැබුණේ නෑ. එහෙම දේශපාලන පලිගැනීම් හෝ වෙනත් පෞද්ගලික පලිගැනීමක් නිසා හෝ වෙනත් ප්‍රමාදයක් නිසා විශ්‍රාම ගිහිල්ලා ඊළඟ මාසේ ඒ කෙනාට විශ්‍රාම වැටුපවත් ලැබෙන්නේ නැත්තන් එයා ජීවත් වෙන්නේ කොහොමද. ඒ තත්ත්වය නිසා එතුමා කිව්වා එතුමා නියෝග කරනවයි කියලා, හෙට වෙනකොට ඕනම සේවකයකුට විශ්‍රාම ගිහිල්ලා ඔහුගේ ඊළඟ වැටුප දවසට එයාගේ විශ්‍රාම වැටුප ලබා දෙන්න ඕන. මොන අඩුපාඩු තිබුණත් ඒක ගෙනල්ලා, ඊට පස්සේ වැරදි නම් ඒක හදාගන්න පුළුවන් යනුවෙනි.

ශිවන්ති ප්‍රනාන්දු