චිනයෙ වුහාන් ගිය යානය මත්තලට ගොඩ බස්සවා තිබේ
චිනයේ වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙක් සහ එහි සිටි ඔවුන්ගේ පවුල්වල ඥාතින් රැගත් ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් UL-1423 දරණ විශේෂ ගුවන් යානය මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ
ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (01) අලුයම ගොඩ බස්වනු ලැබුවා.

මෙම සිසුන් දින 14ක නිරෝධායනය කටයුතු වෙනුවෙන් දියතලාව හමුදා කඳවුරේ වෙනමම පිහිටුවා ඇති ගොඩනැගිල්ලක් වෙත යොමුකර තිබේ.

මෙම සිසුන් අද පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි
පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා.
අනතුරුව ඔවුන් යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා.
ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ සිසුන් අවශ්‍ය ඔ්නෑම වේලාවක දියතලාව යුද හමුදා රෝහලේ රැඳවීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි.
සති දෙකක කාලයක් පුරා ඔවුන් එහි රඳවාගෙන රෝග නිරෝදායනයන් සිදු කිරීමට නියමිතයි.

විදෙස් රටක අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් අවදානමක සිටි දේශීය සිසුන් නැවත දිවයිනට ගෙන ඒමට කටයුතු කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවක පිරිසට සමාජ මාධ්‍ය තුළ ප්‍රණාමය පළවී තිබේ.