ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ පෙබරවාරි 22 වනදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේදීය.

පළමු පුහුණුවීම් තරගයට සතියකට පෙර දිවයිනට පැමිණි පසු අමුත්තන් පෙබරවාරි 17 සහ 20 යන දෙදින තුළ උණුසුම් තරග දෙකක් ක්‍රීඩා කරනු ඇත.
දෙවන හා තෙවන එක්දින තරග පිළිවෙලින් පෙබරවාරි 26 සහ මාර්තු 1 යන දිනවල හම්බන්තොට සහ මහනුවරදී පැවැත්වේ.
විස්සයි 20 තරගය මාර්තු 4 සහ 6 යන දෙදින තුළ මහනුවර පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කාලසටහන මෙසේය.

පෙබරවාරි 17 - උණුසුම් තරගය - පී. සාරා ඕවල්, කොළඹ
පෙබරවාරි 20 - ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI - චිලව් මේරියන්ස් ක්‍රීඩාංගණය, කටුනායක
පෙබරවාරි 22 - 1 වන එක්දින - කොළඹ සිංහල ක්‍රීඩා සමාජය
පෙබරවාරි 26 - 2 වන එක්දින (දිවා) - මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, හම්බන්තොට
මාර්තු 1 - 3 වන එක්දින (දිවා) - පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහනුවර
මාර්තු 4 - 1 වන විස්සයි 20 (රාත්‍රී ක්‍රීඩාව) - පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහනුවර
මාර්තු 6 - 2 වන විස්සයි 20 (රාත්‍රී ක්‍රීඩාව) - පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහනුවර


ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයද  ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එක්දින සංචිතය සදහා ඩැරන් බ්‍රාවෝ යළි කැදවා තිබීම විශේෂත්වයකි.
Full squad:

    Kieron Pollard (C), Fabian Allen, Sunil Ambris, Darren Bravo, Roston Chase, Sheldon Cottrell, Jason Holder, Shai Hope, Alzarri Joseph, Brandon King, Keemo Paul, Nicholas Pooran, Rovman Powell, Romario Shepherd, Hayden Walsh Jnr.